සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

by editor
ජූනි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල

ඩයමන්ඩ් ලීග් (Diamond League) තරගාවලිය කුමක් දැයි මේ සටහන තබන්නට පෙර ඔබට කිව යුතුව ඇත. ඩයමන්ඩ් ලීග් (Diamond League) තරගාවලිය යනු ලෝක මලල ක්‍රීඩා සම්මේලනය (World Athletics) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන, ලෝකයේ සිටින සුපිරිම සහ දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සහභාගී වන සම්භාවනීය ක්‍රීඩා උළෙලකි. එය දෙවැනි වන්නේ   ඔලිම්පික් සහ ලෝක ශූරතාවලියට පමණය.    මලල ක්‍රීඩා ලොව වෘත්තීයමය වශයෙන් පැවැත්වෙන ඉහළම මට්ටමේ මහා මංගල්‍යයන් තුන අතර ඩයමන්ඩ් ලීග් තරගාවලිය පසුවන්නේය.

ඉතාලියේ පැවත්වෙන මෙම තරගාවලියේ දී ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඉතිහාසය වෙනස් කරමින් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ තරගාවලි වාර්තාව බිඳ දැම්මේය. මේ දිදුලන විශිෂ්ඨයා 23 හැවිරිදි යෞවනයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ ය. ඔබට අභිමානයෙන් යුතුව දැනුම් දිය යුතුව තිබේ. මේ සමග ඔබ   දැනගත යුත්තේ ලෝකයේ දැවැන්තයන් සියල්ල අභිබවා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග වර්තමාන හෙල්ල විසි කිරීමේ ලෝක ආධිපත්‍යය තමන් සතු කරගෙන ඇති බවයි.

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී  හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී රුමේෂ් තරංග පතිරගේ මීටර 92.62ක මහා  දුරක් සලකුණු කළේය. එය ලෝකයේ ඇස් උඩ යන දස්කමකි.

  • එය 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසි කිරීමේ දස්කම (World Lead) ය.
  • එය 2026 වසරේ මුළු මහත් ලෝකයේම වාර්තා වූ ප්‍රථම මීටර් 90+ සීමාව ඉක්මවූ අවස්ථාවය.
  • ජාත්‍යන්තර මට්ටමින් ගත් කල, මෙම විසිකිරීම ලෝක පිරිමි හෙල්ල විසි කිරීමේ ඉතිහාසයේ වාර්තා වූ 8 වැනි හොඳම දක්ෂතාවය ය.
  • වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ   පසුවන රුමේෂ්, මේ වන විට 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසි කිරීම් දෙකටම හිමිකම් කීමට සමත් වී ඇත.

ඉතාලියේ රෝම නුවර  ‘ස්ටේඩියෝ ඔලිම්පිකෝ’ (Stadio Olympico) ක්‍රීඩාංගණයේදී පැවැති   ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ්  පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ  ඔලිම්පික් ශූර අර්ෂාද් නදීම් සතු ආසියානු වාර්තාව බිඳ දැමීමට සෙන්ටිමීටර් 35ක් තරම් ආසන්නයට සමීප වෙමිනි.  2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී පාකිස්ථානයේ අර්ෂාද් නදීම් විසින් නව ඔලිම්පික් සහ ආසියානු වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට තැබූ ප්‍රහාරය මීටර් 92.97කි.

මීටර 92.62ක දුරත් සමග  රෝම ඩයමන්ඩ් ලීග්  තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙහි නව තරගාවලි  වාර්තාවක්  (Meeting Record),  බිහි විනි. රුමේෂ් බිඳ දැමූ  ඒ තරගාවලි වාර්තාව මීට දශක දෙකක් පැරණි එකකි.  2006 වසරේදී නෝර්වේ රාජ්‍යයේ සුපිරි ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් (Andreas Thorkildsen) විසින් මීටර් 90.34ක දුරක් සටහන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණි. මීටර 92.62ක් දැවැන්ත ඉලක්කයක් ලබා ගනිමින්   මීටර් 2.28ක මහා  පරතරයක් සහිතව දශක දෙක්ක තිස්සේ ගල් වී පැවති ඇන්ඩ්‍රියාස්ගේ වාර්තාව රුමේෂ්  සුනු විසුනු කළේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ලෝක පූජිත ප්‍රතිවාදීන් පසුපසට තල්ලු වෙයි

රෝම ඩයමන්ඩ් ලීග්  පිටියේදී රුමේෂ් තරංග මෙම ඓතිහාසික සලකුණ තැබුවේ තරගයේ තමන්ට හිමි වූ දෙවැනි උත්සාහයේදීය. ඔහු තමන්ගේ ප්‍රථම හෙල්ල විසි කිරීමේ උත්සාහයේදීම මීටර් 84.49ක සිතාගත නොහැකි ඉහළ දුරක් සපුරා ගනිමින් සෙසු තරගකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර දෙවැනි උත්සාහයේදී මුළු ක්‍රීඩාංගණයම මවිතයට පත් කරමින් මීටර් 92.62ක දුර සටහන් කළේය.

රුමේෂ්  දැක්වූ මෙම අදහාගත නොහැකි දස්කම හමුවේ ලෝකයේ ප්‍රබලතම සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසකට සිදුවූයේ ඉතා පසුපසින් තරගය නිමා කිරීමටය. ඒ අනුව හිටපු ලෝක ශූරයෙකු වන ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස් (Anderson Peters) මීටර් 83.91ක දක්ෂතාවක් දක්වමින් ඉතා පසුපසින් දෙවැනි ස්ථානයට පත් වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ කර්ටිස් තොම්සන් (Curtis Thompson) මීටර් 83.89ක දුරක් සටහන් කරමින් තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

මේ අතර ඉන්දියාවේ 26 හැවිරිදි සචින් යාදව්ට (Sachin Yadav)   තරගය නිමා කිරීමට සිදුවූයේ  ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් යුත් මෙම ප්‍රභූ තරග ඉසව්වේ 8 වැනි ස්ථානයෙනි.  ඔහුගේ දක්ෂතාවය වූයේ  මීටර් 79.18ක උපරිමයකි.   . ඔහු මෙහිදී වැටුනේ ඔලිම්පික් පදක්කම්ලාභීන් වන ජුලියස් යෙගෝ සහ ජකුබ් වැඩ්ලෙජ් (Jakub Vadlejch) යන සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා මැදටය.

ඇත්තම කතාව නම් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී අපේ එකා ලෝක ශූරයින් අල්ලා පොළොවේ ගැසුවේය.

ජයග්‍රහණය ලැබීමෙන් පසු රුමේෂ් මෙසේ කීවේය.

““මේ ජයග්‍රහණය මගේ රටේ ජනතාව වෙනුවෙන් උපහාරයක් ලෙස පුද කරනවා….” අප ඇස්වල කඳුළු පුරවාගෙන ඒ හඬ අසාගෙන සිටියෙමු.

අපේ අභිමානය.

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසය තුළ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 90 සීමාව ඉතිහාසය පුරා කිසිවෙක්  පසුකර තිබුණේ නැත. එම ඉලක්කය ලබා ගත්  ප්‍රථම සහ එකම ක්‍රීඩකයා   රුමේෂ් තරංගය. එය රට පසු කළ  ඓතිහාසික කඩඉමක්ය. මින් පෙර ලංකාවේ හෙල්ල විසි කිරීමේ ජාතික වාර්තාව තබා තිබුණේ ද රුමේෂ්ය.   2026 මාර්තු මාසයේදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී   මීටර් 89.37ක ජාතික වාර්තාව ඔහු විසින් තබා තිබිණි.

ආසියානු කලාපීය මට්ටමින් සලකා බැලීමේදී, රුමේෂ් තරංග වාර්තා කළ මීටර් 92.62ක  දක්ෂතාව ආසියානු ක්‍රීඩකයෙකු විසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද දෙවැනි හොඳම දක්ෂතාව ය. මුලින් කී ලෙස  මෙම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 92.97ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් පාකිස්ථානයේ අර්ෂාද් නදීම් පමණය.

මෙයට අමතරව ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව පසුකළ සිව්වැනි ක්‍රීඩකයා රුමේෂ්ය. පාකිස්ථානයේ අර්ෂාද් නදීම්, ඉන්දියාවේ නීරාජ් චොප්රා (මීටර් 90.23) සහ චීන තායිපේහි චෙන්ග් චාඕ-සුන් (මීටර් 91.36) රුමේෂ්ට පෙර එම දස්කම ප්‍රකට කළ  ප්‍රභූ ක්‍රීඩකයන් තිදෙනාය.

 රුමේෂ් තරංග පතිරගේ නැමැති ක්‍රිකට් ක්‍රීඩකයා

රුමේෂ් තරංග යනු අපට සිටි විශිෂ්ඨ යෞවන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.     වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩා මට්ටමේදීම පැයට කිලෝමීටර් 134ක (134 kph) ඉහළ වේගයකින් පන්දු යවූ විශිෂ්ඨයෙකි. සහජ වේගයක් සහ දැඩි තරගකාරීත්වයක් ප්‍රදර්ශනය කළ අතිශය නම්‍යශීලී සිරුරකට හිමිකම් කී ශ්‍රී ලංකා ක්‍රිකට්වලට දීප්තියක් එක් කළ  තරුණයෙකි.

රුමේෂ් ද්විතියික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙනි.  ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ එකම නිල තරගයේදී දැක්වූ තුන්ඉරියව් දස්කම් අදටත් ඒ අතීත මතකය සහිත උන්ගේ ඇස් උඩ යවන්නේය. එහිදී පන්දු වාර 4ක් පමණක් යොමු කරමින් කඩුලු 5ක් බිඳ හෙලූ තරංග පිත්තෙන් වේගවත් අර්ධ ශතකයක් (ලකුණු 50ක්) රැස් කළේය.

රුමේෂ් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ වර්ෂ  2012 ය.  ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය   අවුරුදු 18න් පහළ  මට්ටමේ සිටින දක්ෂ   වේග පන්දු යවන්නන් සොයා යන දැවැන්ත දක්ෂතා සංවර්ධන වැඩසටහනක්     (Fast-bowling Talent Hunt) ආරම්භ කරන්නේය. තරංග එම වැඩසටහනට එක් වුනේය.  එහිදී එම ඛාණ්ඩයේ දෙවැනි වේගවත්ම පන්දු යවන්නා වූයේ රුමේෂ් තරංගය. ප්‍රථම ස්ථානය දිනා ගත්තේ අද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන, IPL තරගාවලියේ  සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග ය.  රුමේෂ් ක්‍රිකට් අත්හැර හෙල්ල විසිකිරීම තොරා ගන්නේ ජාතික ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමට හැකි  විභවයක් තමන් අභියස තිබිය දී ය. ඔහු රටක් ආකර්ශනය කරන, දැවැන්ත ධන සම්පතක් උපයා ගත හැකි, ඔහුගේ යෞවන බලාපොරොත්තු පිනවූ ක්‍රිකට් අත් හැර හෙල්ල විසිකිරීම තෝරා ගත්තේය. එය ශ්‍රී ලංකා යෞවනයෙක් කරන සිතා ගත නොහැකි තරමේ ගැඹුරු  කැප කිරීමකි. එමෙන්ම තියුණු ආත්ම විශ්වාසයකින්,  ගැඹුරු විචක්ෂණ භාවයකින් ගත් විශ්වාසනීය තීරණයකි. ඒ තීරණය අද රුමේෂ් ලෝක සම්භවනාවට පත් කර තිබේ. ජාතියක දිදුලන තරු ලකුණ බවට  පත් කර තිබේ.

ක්‍රිකට් අතහැරීම ගැන රුමේෂ් ඉන්දියා ටු ඩේ වෙත කී කතාව  

ක්‍රිකට් ක්‍රීඩාවට වඩා හෙල්ල විසි කිරීමේ ඉසව්ව තෝරා ගැනීමට හේතුව රුමේෂ් ඉන්දියා ටුඩේ (India Today) වෙත වරෙක විවෘතව ප්‍රකාශ කර තිබිණි.

“ක්‍රිකට් ක්‍රීඩාවකට වඩා ගැඹුරු දේශපාලනයක්.  ක්‍රිකට් තුළත් අභ්‍යන්තර දේශපාලනයක් තියනවා.  දේශපාලනමය බලපෑම් සහ මැදිහත්වීම් (Political Involvement) වලට අමතරව  දැඩි අභ්‍යන්තර තරගකාරීත්වයක් තියනවා.  මම මගේ කාණ්ඩයේ දෙවැනි වේගවත්ම පන්දු යවන්නා වුණත්, වේග පන්දු යවන්නෙකු ලෙස ජාතික කණ්ඩායමට ඒමට මට අවස්ථාවක් ලැබෙයිද කියන එක සැක සහිතයි. මොකද ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. ජාතික කණ්ඩායම නියෝජනය කරන්න දක්ෂතාවයට අමතරව තවත් බොහෝ දේවල් බලපානවා. “

“නමුත් හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී මට දක්ෂතාවය තිබේ නම්, අනිවාර්යයෙන්ම මාව ජාත්‍යන්තරව හඳුනා ගන්නවා.  ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වුණා. මම හෙල්ල විසි කිරීමේ ඉසව්වට වඩාත් ආදරය කළා ” රුමේෂ් කීවේය.

රුමේෂ්ගේ පියා දක්ෂ කව පෙත්ත විසිකරන්නෙකි. එමෙන්ම යගුලිය විසි කරන්නෙකි.    ඔහුගේ මඟපෙන්වීම මත රුමේෂ් මුලින්ම කවපෙත්ත  විසි කිරීමේ ඉසව්වට යොමු විය. 2017 වසරේදී තම ප්‍රථම පාසල් මලල ක්‍රීඩා තරගාවලියෙන්ම කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ඔහු, එහිදී පාසල් වාර්තා රැසක් බිඳ හෙළීමට සමත් විය. ඒ වනවිට හොරණ ශ්‍රීපාලි ජාතික විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි රුමේෂ්ට කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ප්‍රවේශ වීමේ වරම් ලැබෙන්නේත් ඒ ක්‍රීඩා කෞෂල්‍ය නිසාය.

රුමේෂ් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව හඳුනා ගන්නේ ශාන්ත පීතර විද්‍යාලයෙනි.  ඔහු මුල්ම වරට හෙල්ල විසි කරන විට එහි දුර සටහන් වූයේ මීටර් 30ක සීමාවේය. නමුත් මාස දෙකක් වැනි ඉතා කෙටි කාලීන දැඩි පුහුණුවකින් පසුව එම දුර මීටර් 63 දක්වා ඉහළ නංවා ගැනීමට ඔහුට හැකි වූයේ පුහුණුකරුවන් ද මවිත කරමිනි. 2017 වසරෙන් පසුව ඔහු වසරින් වසර තම පෞද්ගලික හොඳම දක්ෂතාවය (Personal Best) ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට සමත් විය.

ඔහු මෙම ඉසව්ව බැරෑරුම් ලෙස ආරම්භ කරන විට ශ්‍රී ලංකාව තුළ මීටර් 80 සීමාව ඉක්මවා හෙල්ල විසි කළ හැකි ක්‍රීඩකයන් සිටියේ අතළොස්සක් පමණි.

“මම මේ ඉසව්ව පටන් ගන්න කොට ලංකාවේ මීටර් 80ට වඩා විසි කරන්න පුළුවන් හිටියේ ක්‍රීඩකයන් තුන්දෙනෙක් වගේ සීමිත පිරිසක් විතරයි. එයින් එක් අයෙක් වන සුමේධ රණසිංහ   ලෝක ශූරතාවලියට සෘජුවම සුදුසුකම් ලැබූ ක්‍රීඩකයෙක්. මම අදටත් ඔහු දෙස බලන්නේ විශාල ගෞරවයකින් සහ ආදර්ශයක් කර ගනිමින්” රුමේෂ් ඉන්දියා ටු ඩේ වෙත පවසා තිබිණි.

2028 ලොස් ඇන්ජලීස් (LA) ඔලිම්පික් බලාපොරොත්තු

රුමේෂ් තරංගගේ මෙම සුපිරි දස්කම, 2028 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් උපදවා ඇත. ගත හැකි බවට මනාව සනාථ කර ඇත. එය සිහිනයක් වූ රනින් සලකුණු වන්නක් දක්වා ඉහළට එසවී ඇත.  මහා තරගය නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ඇති ඔහු, අඛණ්ඩව මීටර් 89 සීමාව සහ දැන් මීටර් 92.62ක පෞද්ගලික හොඳම දක්ෂතාව සපුරා ගනිමින් ඔලිම්පික් පදක්කම් දිනාගත හැකි ලෝක මට්ටමේ ප්‍රබලතම තරගකරුවෙකු බව ලොවටම පෙන්වා දී තිබේ.

ඔබ විශ්වාස කළ යුතුය. තවමත් අපට ඒ තරම් ලකයක් නැත. එහෙත් ලෝකය මේ කොල්ලා ගැන කතා කරන්නේ මාස ගණනක සිටය. ජාත්‍යාන්තර මාධ්‍ය ඔහු වෙනුවෙන් පිටු ගණන් ඉඩ වෙන් කරන්නේය. ලෝකයම මේ යෞවනයා ගැන අවධානයෙනි.  දෙන්නේ රුමේෂ් සතු සුවිශේෂී තාක්ෂණය, ශාරීරික ශක්තිය සහ ඉතා කෙටි කලකින් ඔහු ලැබූ ශීඝ්‍ර ප්‍රගතිය ගැන ලෝක මළල ක්‍රීඩා විචාරකයෝ විශ්මයට පත් වෙමින් සිටින්නේය.

අප තේරුම් ගත යුතු කතාවක් තිබේ. විධිමත් ක්‍රමවේදයක් තුළ ශික්ෂණය වන්නේ නම් අපට ලෝකය ජය ගැනීම අපහසු නොවන බවය.  ඒ සඳහා පැතිරුණු අවබෝධයක්, යථාර්ථවාදී දැක්මක් මෙන්ම කැපකිරීමක් අවශ්‍යවන ආකාරය රුමේෂ් ආදර්ශයෙන් පෙන්වා දී ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එය කියවගන්නා ලෙස මේ රටේ යෞවනයන්ට මෙන්ම ක්‍රීඩා බලධාරීන්ට ආරාධනා කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.