සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

බොරු ලෙඩ අරන් නිවාඩු ගැනීම නිසා මහනුවර ඩිපෝ 07ක බස් රථ 25-30ක් දෛනිකව ධාවනය නවතී...

by editor
ජූනි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් අසනීප නිවාඩු ලබාගැනීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) මහනුවර ප්‍රාදේශීය බලප්‍රදේශයට අයත් ඩිපෝවල රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මොවුන් නිවාඩු ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ වෛද්‍ය සහතික පිළිබඳව ඇති වූ සැකයක් මත, තෙල්දෙණිය ඩිපෝ කළමනාකාරවරයා ඒ පිළිබඳව තහවුරු කරගැනීම සඳහා මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමු කර ඇත. ඒ අනුව සිදුකළ සොයාබැලීම්වලදී මෙම මහා පරිමාණ වංචාව අනාවරණය වී තිබේ.

අදාළ වෛද්‍ය සහතිකයේ නම සඳහන් විශේෂඥ වෛද්‍යවරයා මහනුවර ජාතික රෝහලේ සේවය කරන නමුත්, එහි ඇති අත්සන සහ නිල මුද්‍රාව එම වෛද්‍යවරයාගේ නොවන බව අධ්‍යක්ෂවරිය විසින් ඩිපෝ කළමනාකාරවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එමෙන්ම, ඉදිරිපත් කර ඇති වෛද්‍ය සහතික අතර මහනුවර ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) සේවය කරන බව ඇඟවෙන වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ නමින් නිකුත් කළ සහතික ද පවතී. එහෙත් එම නම්වලින් යුත් කිසිදු වෛද්‍යවරයෙකු රෝහලේ සේවය නොකරන බව විෂයභාර නිලධාරීන් විසින් තහවුරු කරගත් බව ද රෝහල් අධ්‍යක්ෂවරියගේ ලිපියේ සඳහන් වේ.

තෙල්දෙණිය ඩිපෝවට අමතරව මහනුවර දකුණ ඩිපෝව ඇතුළු තවත් ඩිපෝ කිහිපයකින්ම මෙලෙස ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති බවත්, ඒ පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් ලංගම මහනුවර ප්‍රාදේශීය කළමනාකාර ප්‍රසන්න දෙල්අංග ප්‍රකාශ කළේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මේ වන විට මෙම වංචාව සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත ද නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වත්මන් රියදුරු සහ කොන්දොස්තර හිඟය හේතුවෙන් විශේෂ අවසරයකින් තොරව නිවාඩු ලබා නොදීමට ලංගම කළමනාකාරීත්වය මීට පෙර තීරණය කර තිබුණි. එසේ තිබියදී, සේවකයින් පිරිසක් ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර මෙලෙස අසනීප නිවාඩු ලබාගැනීම හේතුවෙන් මහනුවර ප්‍රාදේශිකයේ ඩිපෝ 07 කට අයත් බස් රථ 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් දෛනිකව ධාවනයෙන් ඉවත් කර තැබීමට සිදුව ඇති බව ද ප්‍රසන්න දෙල්අංග වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Next Post

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.