බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ ජනපති ප්‍රධානත්වයෙන් හෙට (13) නිල වශයෙන් දියත් කෙරේ

by editor
ජනවාරි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

‘Rebuilding Sri Lanka’   ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල  හෙට (13)  අඟහරුවාදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මිනිස් ජීවිතවලට මෙන්ම පෞද්ගලික හා පොදු දේපළවලට සිදු කරන ලද හානියද ඇතුළත්ව           ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ කෙරෙහි බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

රට නැවත ගොඩනැඟීමේ වැඩසටහන මූල්‍යනය කිරීම මේ වන විට උපක්‍රමික ප්‍රවේශ  3ක් යටතේ සිදු කෙරෙමින් ඇත. එහිදී

  1. ප්‍රමුඛතා මත නැවත සකස් කිරීම (Re-purposing) යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරා ගත් ව්‍යාපෘතිවල අරමුණු වෙනස් කරමින් ක්‍රියාත්මක කිරීම,
  2. නැවත ප්‍රතිපාදන වෙන් කිරීම (Re-allocating) යටතේ මූල්‍ය කළමනාකරණ පනතේ ඇති ප්‍රතිපාදන මත පදනම්ව අයවැයෙන් වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම.
  3. ඒ අනුව 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සිදුකිරීම සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීම තුළින් සිදුවේ.

මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් ‘Rebuilding Sri Lanka’ සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පසුගියදා ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරන ලදී.

මෙමඟින් මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපිත කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහාය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මඟ පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා මඟපෙන්වීම සිදු කරනු ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එසේම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ පහත සඳහන් උප කමිටු පිහිටුවීමටද නියමිතය.

ඒ අනුව,

  1. ස්වභාවික ආපදාවෙන් සිදුවූ භෞතික, ආර්ථික සහ සමාජයීය බලපෑම් පිළිබඳ දත්ත රැස් කිරීම විශ්ලේෂණය හා ඇගයුම සඳහා පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයුම් කමිටුව.
  2. ප්‍රවාහනය, විදුලිබලය, ජලය, වාරිමාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ විදුලි සංදේශ ඇතුළු බලපෑමට ලක්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය කිරීමේදී සම්පත් සම්බන්ධීකරණය, ප්‍රමිතීන් පිළිබඳ සහතික කිරීම ආදිය වෙනුවෙන්, පොදු යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව.
  3. නිවාස, ප්‍රතිසාධන සැලැස්ම මත පදනම්ව බලපෑමට ලක්වූ ප්‍රජාවන් සඳහා හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය හෝ නව නිවාස ඉදිකිරීම වෙනුවෙන්, පීඩාවට පත් ප්‍රජාවන් සඳහා නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව.
  4. ජීවනෝපාය සහ ව්‍යාපාර කඩිනමින් ස්ථාවර කිරීමට සහාය ලබාදීම, ප්‍රධාන සැපයුම්දාම නැවත ගොඩනැංවීම, මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා සංවර්ධනය කිරීම ආදිය වෙනුවෙන් දේශීය ආර්ථිකය සහ ජීවනෝපායන් පුනර්ජීවනය කිරීමේ කමිටුව.
  5. අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාරක්ෂාව සහ සුබසාධන සහාය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන්, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව.
  6. අරමුදල් රැස් කිරීම, අයවැය සැලසුම් කිරීම, පරිත්‍යාගශීලීන් සම්බන්ධිකරණය සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති  රාමුව තුළ විනිවිදභාවයෙන් යුතුව උපයෝජනය කිරීම වෙනුවෙන්, මූල්‍ය සහ අරමුදල් කමිටුව.
  7. පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන අවශ්‍යතා සහ ප්‍රමුඛත්වය ලබාදීම, ප්‍රතිසාධන සැලසුම් උපායමාර්ග මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සඳහා උසස් විශ්ලේෂණ මෙවලම්, පුරෝකථන ආකෘති සහ නව්‍ය තාක්ෂණය අනුගත කළ තොරතුරු පද්ධති තීරණය කිරීම සහ ස්ථාපිත කිරීම වෙනුවෙන් දත්ත සහ තොරතුරු පද්ධති පිළිබද කමිටුව.
  8. ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන වැඩසටහන් පිළිබඳ මහජන සන්නිවේදනය, දැනුවත් කිරීම, පාර්ශ්වකාර සම්බන්ධතා සම්බන්ධීකරණය වෙනුවෙන් මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව.
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලාගෙන අගමැතිනිය අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉවත්වෙන තුරු විමල් අඛණ්ඩ සත්‍යග්‍රහය අරඹයි!

Next Post

අද අළුයම පැමිණි චීන විදේශ ඇමති දහවල් පිටව යයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.