බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

NPP මහත්තුරුනි… මෙහෙම ගියොත් බබිත් සුන්… බබීගේ අම්මත් සුන්!

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

දේශපාලකයෙකුට සමාජ භීතීකාවක් ඇතිවන්නට විදිහක් නැත. උන් ගනුදෙනු කළ යුත්තේ මිනිස්සු සමගය. ඒ ගනුදෙනුවට සම්බන්ධවන නිල ධූරාවලියක් සහිත පුද්ගලික කාර්ය මණ්ඩලයක් ද දේශපාලකයෙකුට ලබා දෙන්නේ ඒ සමාජ කටයුත්ත කරගෙන යන්නටය. එහෙත් මේ  ආණ්ඩුවේ කෙරුම්කාරයකු හා සම්බන්ධ වීමට අපට හැකියාවක් නැත. උන්ගේ කාර්ය මණ්ඩලය ලෙස නම් කර ඇති ගොබ්බයින් ඉන්නේ ඇමතිටත් උඩින්ය.  කිසිම ජාතික ජන බලවේග ප්‍රධාන දේශපාලකයෙක් ඒ   දුරකථන ඇමතුමක් හා සම්බන්ධ වන්නේ නැත.

මැසේජයක් යැව්වත් අඩුම ගානේ එය දුටු බව හෝ සඳහන් කර ඕකේ කියා ආපසු ලියා එවන්නවත් මේ උන්නැහේලා සදාචාර සම්පන්න නැත. අපට ඒ ගැන ඇත්තේ දැඩි කම්පනයකි. කණගාටුවකි. සිත් වේදනාවකි.

මේ ආණ්ඩුව අපේ බව අපි තවමත් විශ්වාස කරමු. එහෙත් ආණ්ඩුව හැසිරෙන්නේ ආණ්ඩුව උන්ගේ පමණක් බව සිතන ආතල් එකේය. වෙනදා සහෝදරත්වයෙන් අප හා සංවාද කෙරුණ ජාජබ නායකයන් තේරුම් ගත්තේ නැති කතාවක් තිබේ. අප මේ ආණ්ඩුව පත් කර ගත්තේ රාජපක්ෂ තක්කඩියන් විනාශ කර තිබූ මව්බිම නැවත ඉහළට ඔසවා ගැනීමට මිස ඔවුන් සමග අල්ලාප සල්ලාපයේ දෙයෙන්නට නොවන බවය. කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජන ගැනීමේ අපේක්ෂාවෙන් ද නැති බවය. අප දකින දේ නම් ජාජබ ආණ්ඩුව තුළ පවතින උද්දච්ච කම නිසාම ආණ්ඩුව විසින්ම සිය ලෙන්ගතු සමීපතමයන් අත් හරිමින් සිටීමය. ආණ්ඩු විනාශයේ අත්තිවාරම ගොඩ නැගෙමින් තිබෙන්නේ ඒ අත් හැරීම තුළය. ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ප්‍රහාරය උත්සන්න වෙමින් පවතින්නේ මෙවැනි වටපිටාවකය. ඒ ප්‍රහාරය හෙට අනිද්දා වන විට විවිධ ක්ෂේත්‍රයන් තුළින් මතු වන්නට ඉඩ තිබෙන බව අපි ආණ්ඩුවට අනතුරු අඟවමු. ඒ වනවිට ස්වේච්ඡාවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරගෙන මේ ආණ්ඩුව බලයට ගෙනෙන්නට කිසිම අපේක්ෂාවකින් තොරව කැපවූ එකෙක්වත් හිඳී දැයි සැක සහිතය.

කුමන්ත්‍රණයක කතාව

මේ අනතුරු ඇඟවීම් ගැන ජාතික බුද්ධි සේවාව හෝ හමුදා බුද්ධි සේවාවන් වාර්තා කර තිබේදැයි අපි නොදනිමු. ජාතික බුද්ධි සේවාව කෙසේ වෙතත් හමුදා බුද්ධි සේවාව ඇත්තේ ආණ්ඩුවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට විපක්ෂයට අඩුම කුඩුම සපයමිනි. හමුදා බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට බුද්ධි රාජකාරි ගැන  මෙලෝ හසරක් නොදැනීම හේතුවෙන් මේ වන විට හමුදා බුද්ධි සේවය හසුරවමින් සිටින්නේ නොම්මර එකේ ගේම් කාරයෙකි. මේ ගේම් කාරයාට ආණ්ඩුව කවර විපතකට පත් වුවද ගානක් නැත. ඔහුගේ පැවැත්ම තහවුරු වූවා නම් එපමණය. ජාතික බුද්ධි අධ්‍යක්ෂ වරයා ඔහේ ඉන්නවාට වඩා හමුදා බුද්ධි සේවාවට සිදු වී ඇති කෙලවිල්ල ගැන අවධානයක් යොමු කෙරුවා නම් හොඳ බව අපි යෝජනා කරමු.

මේ දිනවල එක්තරා ගෝස්තරවාදී යූ ටියුබයකු හමුදාපතිවරයාට එරෙහිව පදනම් විරහිත චෝදනා නගමින් සිටී. හමුදාපතිවරයාට එරෙහිව නැගෙන මේ අභූත චෝදනාවන් වල අගමුල සොයා යාමේදී මේ යූ ටියුබයාගේ කුමන්ත්‍රණකාරී තොරතුරු මුදා හැරීමේ පදනම පිළිබඳව අපට පැවසුවේ ඔහු සමග සමීපව සිට නොරොක් වූ තැනැත්තෙකි. මේ තැනැත්තා පැවසූ ආකාරයට ඒ යූ ටියුබයා තුළ සැඟවී සිටින්නේ වාචාල දේශපාලඥයෙකි. මේ  වාචාල දේශපාලඥයා සමග හමුදාවෙන් ඉවත් කරන ලද දූෂිත හමුදා ඡ්‍යෙෂ්ඨයන් පිරිසක්ද සිටී. මේ කණ්ඩායමට සජබය නියෝජනය කරන වෛද්‍යවරයකු හා හිටපු හමුදාපතිවරයෙක්ද සිටී. ඒ සමග මේ සැළසුම ක්‍රියාවට නැගීමට ඕස්ට්‍රෙිලියාවේ ශ්‍රී ලාංකිකයෙකු ගෙන් මුදල් ආධාර  ලැබෙන බවද ඔහු පවසයි. මේ තොරතුරු ආණ්ඩුවේ බුද්ධි ඒකකයන් වෙත ලැබී තිබේදැයි අපි නොදනිමු.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ඒ කෙසේ වෙතත් අප තවමත් දත මිටි කන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කර ගන්නටය. ඒ අතරේ ආණ්ඩුවට හිතවත් ආරක්ෂක ප්‍රධානියකු ආණ්ඩුවට එරෙහිව පවතින බරපතල කුමන්ත්‍රණයක් ගැන අප සමග හෙළි  කෙරුවේ නොඇසූ කන්ව නිහඬව සිටින්නට බැරි ඔහුගේ හෘද සාක්ෂිය නිසාම බව අපට සිතේ. ඔහු පවසන ආකාරයට ජනපතිවරයාට හෝ ඔහුගේ සමීපතමයන්ට සැබෑ බුද්ධි තොරතුරු ප්‍රවේශ නොවේ. එය සැබෑවකි. ඒ මන්ද යත් අපටද ඒ ගැන තොරතුරු ලැබී ඇති බැවිනි. ආරක්ෂක ප්‍රධානියාද අප සමග පැවසුවේ හමුදාපතිවරයාට  එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරය නිසා ජාජබ ආණ්ඩුවට සිදු විය හැකි හානිය පිළිබඳවය.

එම ආරක්ෂක ප්‍රධානියා අප සමග මෙසේ පැවසුවේය.

හමුදාව පැත්තෙන් කියැවීමක්

“….පහුගිය දවස්වල දිගින් දිගටම එක්තරා යූටියුබ ක්‍රියාකාරිකයෙක්  හමුදාපතිවරයාට එරෙහිව මඩ ප්‍රචාරයන්  ගෙනියනවා. මොහු යහපාලනය ආණ්ඩුව කාලයේ එය බිඳ වැට්ටවීම සඳහා ආගම භේදය හා ජාතිවාදය රට පුරා පැතිරවීමට දායක වූ අයෙක්. මොහුගේ සගයා වූයේ පසුගිය කාලයේ ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා. “

“හමුදාපතිවරයාට මොහු මඩ ප්‍රචාරය කරන්නෙ ඉතා සැළසුම් සහගත කුමන්ත්‍රණකාරී මෙහෙයුමක මුල් අදියර විදියට. ජාජබ ආණ්ඩුව අපහසුතාවට ලක් කිරීම හා බිඳ  වැට්ටවීමේ අපේක්ෂාව මේ සැළසුම තුළ පවතිනවා. මෙහිදී මොවුන් ඉලක්ක කර ගෙන සිටින කණ්ඩායම තමයි ජාජබයට සම්බන්ධව සිටින හමුදා විශ්‍රාමිකයන්. ඔවුන් මේ ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසයෙන් ඈත් කරවීම මේ සැළසුමේ එක අදියරක්. ඊලඟ අදියර තමා එසේ ආණ්ඩුව ගැන කළකිරී   ඉවත්වන හමුදා විශ්‍රාමිකයන් විරෝධතා වලට යොමු කිරීම. එය තව අවුරුදු දෙකක අවසානය තුළ දැකිය හැකි වේවි. ඒ නිසා මේ කුමන්ත්‍රණයට එරෙහිව ආණ්ඩුව පියවරක් නොගත හොත් එය ආණ්ඩුවේ සිය දිවි නසා ගැනීමක් වෙන්නට පුළුවන්.”

“මට හමුදා ජ්‍යෙෂ්ඨයෙක් විදියට මේ අවදානම වටහා ගත හැකියි. ඒත් මේ අවදානම ගැන මට ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන්නට හැකියාවක් නෑ. මොකද මම දැනුවත් ආකාරයට එතැන දැන් බරපතල සාකච්ඡාවක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ ඉහළට එන බුද්ධි තොරතුරු වල බරක් නැති හන්දා. හමුදා බුද්ධි අංශ බිඳ වැටිලා කියන චෝදනාව මට පිළිගන්න සිද්ධ වෙනවා මෙතැනදි. මගෙ අත්දැකීමේ හැටියට හමුදා බුද්ධි සේවාව තුළ අත්දැකීම් තිබෙන බොහෝ නිළධාරීන් ඒ යාන්ත්‍රණයෙන් ඉවත් කරලා. මේ වන විට හමුදා බුද්ධි සේවාව අත්පත් කරගෙන සිටින නොමේරූ හා දූෂිතයන් කිහිප දෙනෙක් ආණ්ඩුව නොමග යවන්නෙ පාස්කු සිද්ධිය තුරුම්පුවක් කරගෙන. පාස්කු සිද්ධියට සම්බන්ධ බව ප්‍රකාශ කරමින් හමුදා බුද්ධි සේවාවෙ දක්ෂයන් රාජකාරි වලින් ඈත් කරවමින් සිටීම ඉතා බරපතල කාරණයක්. එක් පැත්තකින් ඉතා දක්ෂ ලෙස බුද්ධි රාජකාරියෙ නිරත නිළධාරීන් මේ කුඩම්මාගේ සැළකිල්ල නිසා කළකිරීමට පත් වෙනවා. එතැනදියි බුද්ධි සේවාව තුළ බරපතල වටපිටාවක් නිර්මණය වෙන්නෙ.

“මාධ්‍ය නිදහස කියන්නෙ පොල් බූරු නිදහසක් නොවෙයි.   ඒ ගැන රජය ඉක්මන් අවධානය යොමු කර යුතුයි….”  ඔහු අපට පැවසුවේය.

අප මේවා ලියන්නේ ජාජබ ආණ්ඩුවට කෙලවන්නට නම් නොවේ. ඒ බව තේරුම් ගන්නට තරමේවත් විවේක බුද්ධියක් ආණ්ඩුවේ නිළමක්කාරයන්ට පහල වේවා යැයි අපගේ ප්‍රාර්ථනයයි. එසේ නැති වුව හොත් අපට තව අවුරුදු තැන හතරකදී ලියන්නට ඉතිරි වන්නේ “බබිත් සුන් බබීගේ අම්මත් සුන්” කියා පමණය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාලය මාස 22ක් තුළ ගාසා තීරයේ මාධ්‍ය වේදීන් 270ක් මරා දමලා…

Next Post

එකමුතු වෙන හැටි ගැන කතා කරන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට හමුවෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.