හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුකර විශේෂ සාකච්ඡාවක් හෙට (14) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පවත්වන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා බව වාර්තා වේ.
විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බවත්
ආණ්ඩුවට ඝෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා බවත් විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කර ඇත.







