අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරා වසර 14ක් වසා දමා තිබූ ජාතික කලා භවන මේ දෙසැම්බර් වලදී විවෘත කරනවා… ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

කලා භවනේ චිත්‍ර 42ක සොරකම සම්බන්ධ විමර්ශන ප්‍රගතිය ඇමති පාර්ලිමේන්තුවට දන්වයි...

by editor
මැයි 21, 2026
in පුවත්
National-Art-Gallary
Share on FacebookShare on Twitter

පුරා වසර 14ක් තිස්සේ වසා දමා ඇති ජාතික කලා භවන මේ වසරේ දෙසැම්බර් මසට පෙර විවෘත කිරීමට ඉලක්ක කර ඇතැයි  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

පුරා වසර 14ක් තිස්සේ ජාතික කලා භවන වසා දමා තිබිණි.  යළිත් 2020 වසර තුළ කලා භවනේ නැගෙනහිර ගැලරිය විවෘත කර ප්‍රදර්ශන සඳහා ඉඩකඩ සලසා තිබිණි. නමුත් 2020.12.19 දිනෙන් පසු මුලු කලා භවනම යළිත් වසා දැම්මේය.

මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ අලුත්වැඩියා කටයුතු සඳහා ජොන් ද සිල්වා සමරු රඟහලත් වසා දමා ඇති අතර ජාතික කලා භවන සහ ජොන් ද සිල්වා සමරු රඟහල එක්වර විවෘත කිරීමට මේ දක්වා සැලසුම් කර තිබුණු බවය.

ජොන් ද සිල්වා සමරු රඟහලේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් ප්‍රමාද වන බැවින් කැබිනට් මණ්ඩලය අනුමැතියක් සහිතව මේ වසරේ ජෝන් ද සිල්වා සමරු රඟහල වෙනුවෙන් වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් ද කොටසක් ලබා ගෙන  මේ වසර අවසන් වන්නට පෙර කලා භවනේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කර විවෘත කිරීමට සැලසුම් වී ඇතැයි ඔහු කීවේය.

මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 163.5ක් බව ද ඇමතිවරයා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කලා භවනේ චිත්‍ර 42ක සොරකම – විමර්ශන ප්‍රගතිය

මෙහිදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන්  කලා භවනේ චිත්‍ර සොරකම ගැන  මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇසුවේය.  එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් සොරකම් කර ඇති බව ඇමතිවරයා පිළිගත්තේය.

මෙම සොරකම අනාවරණය වන්නේ 2015 වසරේ දී ජාතික කලා භවනේ චිත්‍ර සහ මූර්ති පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ භාණ්ඩ සමීක්ෂණයේ දී දි බවත් එම වාර්තාව අනුව තොග පොතේ සඳහන්ව ඇති චිත්‍ර සහ මූර්ති ප්‍රමාණය 281ක් වුව ද කලා භවනේ භෞතිකව ඇත්තේ චිත්‍ර සහ මූර්ති 239ක් බව ඇමතිවරයා අනාවරණය කළේය.

“මේ සම්බන්ධව   දැනටමත් අරන් තියනවා. මේ සිදුවිම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.  කමිටුව විසින් මේ වනවිට අදාල පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන යමින්  ඉන්නේ.”

“මේ පිළිබඳව සිදුකරන පොලිස් විමර්ශනවලට අදාලව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදුකරන ලද තොරතුරු කැඳවීම්වලට අනුව අවසාන වශයෙන් එම කාර්යාංශයේ DCDB/CS/OTU/760 – 2024 සහ 2025.7.14 දිනැති ලිපියෙන් විමසන  ලද කරුණුවලට පිළිතුරු ලෙස මගේ අංක DCA 6105 පොදු ගොනුව හා 2025.08.13 දිනැති ලිපියෙන් මා තොරතුරු ලබා දීලා තියනවා. “ ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

Next Post

වාහන 4,000ක LC වංචා කතාව මිත්‍යාවක්; මැයි 15 ආවේ වාහන 1,782යි – නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.