බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර ව්‍යාපාරිකයා ඝාතනය කළ වෙඩික්කරු ‘බෝංචියා’ මාලිගාවත්තෙන් කොටු වෙයි!

by editor
ජූනි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර, වෙට්ටුමකඩ, පල්ලිය පාර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු වන සම්පත් කුමාරතුංග නොහොත් ‘බෝංචියා’ නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාලිගාවත්ත අවට ප්‍රදේශවල සවිකර ඇති CCTV ආවේෂණ කැමරා දර්ශන සියුම් ලෙස නිරීක්ෂණය කරමින්, ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් ‘බෝංචියා’ නමැති 44 හැවිරිදි සැකකරු පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම හෙරොයින් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. සැකකරු අද (03) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

පොලිස් ඔත්තුවකට පලිගැනීමක්?

පසුගිය මැයි 28 වැනිදා උදෑසන 8.45 ට පමණ කළුතර දකුණ, වෙට්ටුමකඩ මුස්ලිම් පල්ලිය පාරේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මරික්කාර් වීදියේ පදිංචි පකිර් මොහොමඩ් මොහොමඩ් සපික් නමැති 43 හැවිරිදි ගවමස් ව්‍යාපාරිකයා වෙත වෙඩි තබා තිබුණි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව නාගොඩ රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිටියේය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය ව්‍යාපාරිකයා පොලිසියට ඔත්තු ලබාදෙන්නෙකු ලෙස සැකකරමින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවය. ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයෙකු වන ‘බෝම්බුවල නවීන්’ නමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව, ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු වන මොහොමඩ් ඉම්රාන් නමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව හෙළි වී තිබේ.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

සැලසුම්කරුවන් සහ මත්ද්‍රව්‍ය

මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු වන මොහොමඩ් ඉම්රාන් සහ තවත් අයෙකු පසුගිය මැයි 31 වැනිදා කළුතර නගරයේ ක්ලබ් මාවත ක්‍රීඩා පිටිය අසලදී පොලිස් අත්අඩංගුවට පත් විය. එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 22,630ක්ද පොලිස් භාරයට ගැනිණි.

වෙඩික්කරුවන් ආ මෝටර් රථයක් සහ වෑන් රථයක් සිද්ධිය වූ දිනයේ දීම පොලිසිය භාරයට ගැනුනි. මෝටර් රථය තෙබුවන නෑබඩ (තැපැල් කාර්යාලය අසල) දමා ගොස් තිබී සොයාගත් අතර, වෑන් රථය හමුවන්නේ  දොඩන්ගොඩ ප්‍රදේශයෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකන්දේදී වගා ළිඳකට වැටුණු වන අලි තිදෙනෙකු පැය 9ක මෙහෙයුමකින් බේරාගනී!

Next Post

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.