ස්වාධීන රූපවාහිනී සේවයේ සල්ලා මහල්ලෙකුගේ ලිංගික බලපෑම් දරා ගත නොහැකි බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සිය තනතුරින් ඉල්ලා අස්වූ ස්වාධීන රූපවාහිනී සේවයේ සම්මානිත නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර සම්බන්ධ සිද්ධියේ විමර්ශන කටයුතු ඉක්තු සතියේ දී ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
මේ විමර්ශනයේ මූලික කටයුතු සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නීතිඥ සීනා චෑන්ග් පත් කර තිබේ.
තමන්ට සිදුවූ අවනඩුව සම්බන්ධව මේ වනවිට ඉෂාරා දේවේන්ද්‍ර විසින් දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබේ.
මේ සතියේ දී ඉෂාරාගේ චෝදනාවට ලක්වන ස්වාධීන රූපවාහිනියේ ඉහළ තනතුරක් දරන මහලු පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රකාශ පදනම් කරගෙන නීතිඥවරිය සිය නිරීක්ෂණ වාර්තාව ලබා දීමෙන් අනතුරුව ස්වාධීන රූපවාහිනීයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණයක් ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත.