කොළඹ වරය ආසන්නයේ දී ගිනි ගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ශ්‍රි ලංකා රජය ගොනු කළ නඩුව අද (09) සිංගප්පූරු මහාධිකරණයේ දී මුල් වරට විභාගයට ගැනීමට නියමිතය. ශ්‍රි ලංකා රජය වෙනුවෙන් සිංගප්පූරු නීතී සමාගමක් මේ වෙනුවෙන් ඉදිරිපත් වීමට නියමිතය.
2021 වසරේ මැයි මස 20 වැනිදා ගිනි බත් වූ මෙම නෞකාව අනතුර මෑත කාලයේ සිදුවූ විශාලතම සමුද්‍රීය පාරිසරික අනතුර ලෙස සැලකුණද ඊට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වීම පිළිබඳව විවේචන එල්ල විය. මෙම නඩුව පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සිංගප්පූරුවේ මහාධිකරණයේ ගොනු කරන ලද අතර ඒ අනුව මෙම නඩුව අද දින කැඳවීමට නියමිතය.
විශේෂඥ අධ්‍යයන වාර්තාවකට අනුව සිදුව ඇති සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4කට තක්සේරු තොට ඇති අතර එම වන්දි මුදල ලබා ගැනීම සඳහා මෙසේ සිංගප්පූරුවේ මෙම නඩුව පවරා ඇත.