කළුතර පාසල් දැරියගේ මරණය සිදුවන අවස්ථාව වනතෙක් ඇය සමග සිට මරණයෙන් පසු පලා ගිය සැකකාර සල්ලාලයා කළුතර පොලිසියට රැගෙනවිත් තිබේ.
හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කලුතර දකුණ ඉසුරුඋයනේ පදිංචි ධනුෂ්ක ගයාන සහබනුදු නැමැති 29 හැවිරිදි විවාහකයෙකි.
ඔහු විවාහ දෙකකට ඇතුළත් වූ පුද්ගලයෙක් බව හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.
කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මළ සිරුර හමුව තිබුණේ මැයි 06 වැනිදා රාත්‍රියේය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට මෙම තරුණිය හෝටලයට කැටිව එන කළුතර බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන තරුණිය සහ ඇයගේ පෙම්වතාත්, ප්‍රධාන සැකකරු මග අත්හැර ගිය වාහනය ඔහුගේ උපදෙස්මත රැගෙන පැමිණි රියදුරාත් මැයි මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.