සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ශෝකයේ අණ දෙන්නා හෙවත් ලෝකයේ බලවත්ම මෝඩයා ඉවත්වීමේ  පුරප්පාඩුව ශිෂ්ඨාචාරවත් සාමාජිකයෙකුගෙන් පුරවා ගන්න… “  ඉතාලියට ඉරානයෙන් ඇප්ලිකේෂන් එකක්!

by editor
අප්‍රේල් 15, 2026
in පුවත්
donald-trump--giorgia-meloni--mojtaba-khamenei-
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි අතර ඇති වූ රාජ්‍යතාන්ත්‍රික විරසකය මැදට උපහාසාත්මක ලෙස මැදිහත් වීමට ඝානාවේ ඉරාන තානාපති කාර්යාලය කටයුතු කර ඇත.

ට්‍රම්ප් පාලනය විසින් ඉරාන වරායවල් සම්පූර්ණයෙන් වටලා එරට ආර්ථිකය අඩපණ කර ඇති මොහොතක, ඉරානය විසින් ඉතාලියට මිත්‍රත්වයේ දෑත් දිගු කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාව “ලෝකයේ සිටින බලවත්ම මෝඩයා” (Powerfool man) ලෙස හඳුන්වමිනි.

ඉතාලි අගමැතිනි මෙලෝනි විසින් පාප් වහන්සේ සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් දැඩි ලෙස විවේචනය කිරීමත් සමඟ දෙරට අතර ඇති වූ සීතල  යුද්ධය අතර ඉරානය මේ උපහාසාත්මක ආමන්ත්‍රණය කර තිබේ.

ඝානාවේ ඉරාන දූත මණ්ඩලය නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ, වොෂින්ටනයේ සිටින “ශෝකී අණදෙන්නා” (Commander-in-Grief) ඉතාලියට අහිමි වුවද, වසර 7000ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ඉරානය එම මිත්‍රත්වයේ හිඩැස පිරවීමට සූදානම් බවය. එම පණිවිඩයේ සිංහල පරිවර්තනය  මෙසේය.

“ප්‍රිය ඉතාලි වැසියෙනි, ඔබේ අගමැතිනිය පාප් වහන්සේ  වෙනුවෙන් පෙනී සිටීම නිසා වොෂින්ටනයේ සිටි මිත්‍රයෙකු ඔබට අහිමි විය .  ඔහු අන් කවරෙකු නොව ‘ශෝකයේ අණදෙන්නා’ (Commander in Grief) වන, එසේම මේ මිහිපිට සිටින ‘බලවත්ම මෝඩයා’ (most powerfoolman) වේ. හිස් වූ එම මිත්‍රත්වයේ පුරප්පාඩුව සඳහා අයදුම් කිරීමට අපි කැමැත්තෙමු.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“අපගේ සුදුසුකම් මෙසේය: වසර 7,000ක අභිමානවත් ශිෂ්ටාචාරය, කාව්‍ය ශාස්ත්‍රයට සහ වාස්තු විද්‍යාවට අප දෙරටේම ඇති පොදු ලැදියාව, සහ ට්‍රම්ප්ගේ අවධානය පවතින කාල සීමාවට වඩා වැඩි වේලාවක් උයා පිස ගැනීමට ගතවන ප්‍රණීත ආහාර සංස්කෘතියයි. ඉරානය සහ ඉතාලිය අතර ඉතිහාසයේ කිසිදාක හෝ ආරවුලකට පැවති එකම කරුණ වන්නේ අයිස්ක්‍රීම් මුලින්ම සොයාගත්තේ කවුද යන්න පමණි. එහිදී ‘ෆලූඩේ’ (Faloodeh) පළමුව පැමිණි අතර ‘ජෙලාටෝ’ (Gelato) වඩාත්  ප්‍රසිද්ධ වී  පැමිණියේය. මේ සම්බන්ධයෙන් අපි වසර 2,000ක කාලයක සිට ‘සීතල’ යුද්ධයක නිරත වී සිටින්නෙමු,” යනුවෙන් ඝානාවේ ඉරාන තානාපති කාර්යාලය සිය නිල පණිවුඩය මගින් රාජ්‍යතාන්ත්‍රික සංවාදයට දේශපාලන උපහාසයක් එක් කරමින් ප්‍රකාශ කර සිටියේය.

iran

 ඇමරිකානු මුහුදු වැටලීම සහ ආර්ථික පීඩනය

මේ අතර, ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) ප්‍රකාශ කරන්නේ පැය 36ක් ඇතුළත ඉරානයේ සියලුම වරායවල් අවහිර කර ඇති බවයි. ඉරාන ආර්ථිකයෙන් 90%ක් මුහුදු මාර්ගයෙන් සිදුවන වෙළඳාම මත රඳා පවතින බැවින්, මෙම සම්බාධකය එරටට දැඩි බලපෑමක් එල්ල කර ඇත. අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසන පරිදි, ඇමරිකානු නාවික හමුදාව විසින් ඉරානයට ඇතුළු වන සහ පිටවන සියලුම ආර්ථික වෙළඳ ගනුදෙනු නතර කර ඇත.

කෙසේ වෙතත්, ෆොක්ස් බිස්නස් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමඟ යුද්ධය අවසන් වීමට ආසන්න බවයි. ඉරානය ඉතා ඉක්මනින් ගිවිසුමකට එනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුවහොත් එම රට නැවත ගොඩනැගීමට වසර 20ක් ගතවනු ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය.

උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ කුඩා ගිවිසුමක් නොව, ඉරාන ජනතාව ලෝක ආර්ථිකයට සම්බන්ධ කරන “මහා ගිවිසුමක්” (Grand Bargain) බවය.

ඉස්ලාමාබාද්හි පැය 20කට අධික කාලයක් පැවති සාකච්ඡා මගින් ඉරානයට ආර්ථික සෞභාග්‍යය උදාකර දීමට ඇමරිකාව සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදපෙරදිග යුද්ධය ගෝලීය ආර්ථිකයේ වේගය අඩාල කරන හැටි IMF අනාවරණය කරයි!

Next Post

ලංගමයට දින 6කින් බිලියනයක වාර්තාගත ආදායමක්! ඉතිහාසයේ ඉහළම ආදායම මෙයයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.