බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF වැඩපිළිවෙළ විවේචනය කර පේරාදෙණිය සරසවිය සංවිධානය කළ දේශනයක් අගමැතිනිය තහනම් කළා ද?… වෙච්චි දේ උපකුලපති පැහැදිලි කරයි!

by editor
ජනවාරි 12, 2025
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති විසින් අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් මත ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ විවේචනය කරන දේශනයක් තහනම් කළේ යැයි කියැවෙන ප්‍රකාශ මුලුමනින්ම අසත්‍ය බවත්, නිසි අවසරයකින් තොරව, විශ්වවිද්‍යාලය තුළ ලියාපදිංචි නොවූ ශිෂය සංගමයක් විසින් ප්‍රසිද්ධ රැස්වීමක් ලෙස සංවිධානය කළ රැස්වීමට නිසි ක්‍රමවේදය යටතේ අවසර ලබාගෙන පවත්වන ලෙස නිර්දේශ කිරීම පමණක් සිදුකළ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.

ඔහු පවසන්නේ සටන් පාඨයක් බඳු තේමාවක් සහිතව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ මෙම වැඩසටහන එය දේශනයක්, සාකච්ඡාවක්, සම්මන්ත්‍රණයක්, වැඩමුළුවක් හෝ අධ්‍යයන ක්‍රියාකාරකමක් ලෙස නොව මහජනතාව දැනුවත් කිරීමේ ප්‍රසිද්ධ රැස්විමක් ලෙස අනීතිකව සංවිධානය කර තිබුනු ආකාරයයි.

දේශපාලන විද්‍යා අංශයේ සහ ශාස්ත්‍රපීඨයේ පීඨාධිපතිවරුන් සමග සාකච්ඡා කර මෙහි තේමාව සටන් පාඨයක් ලෙස ප්‍රකාශ නොවන ආකාරයට සංශෝධනය කර විධිමත් අවසරයක් ලබාගෙන පවත්වන ලෙස පමණක් සංවිධාකයින්ට දැන්වූ යේ යැයි උපකුලපතිවරයා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව තුළ චෝදනාවට ලක්වූ මෙම සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරිමක් කරමින් උපකුලපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ විශ්වවිද්‍යාලයට පරිභාහිර ජාත්‍යන්තර දේශපාලන සංවිධානයක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සමාජයක මැදිහත්වීම මගින් යැයි සදහන් කර තිබුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ කිසියම් ශිෂ්‍ය ක්‍රියාකාරකමක් සංවිධානය කිරීමට ප්‍රථම විශ්වවිද්‍යාල ප්‍රධාන විනය ආරක්ෂක, විනය පාලක සහ අනෙකුත් අදාළ නිලධාරීන් හරහා උපකුලපති හෝ නියෝජ්‍ය උපකුලපති වෙතින් පූර්ව අවසරය ලබා ගත යුතු වේ. මෙම ප්‍රසිද්ධ රැස්වීම සඳහා කිසිදු පූර්ව අවසරයක් ලබාගෙන නොමැති බව පැහැදිලිව නිරීක්ෂණය වූ අතර පසුව සිදු කරන ලද සොයා බැලීම් වලට අනුව මෙම ශිෂ්‍ය සමාජය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කර නොමැති බවත් පසුගිය වසර දහය තුළ කිසිදු ක්‍රියාකාරකමක් කළ බවට වාර්තා කර නොමැති බවත් තහවුරු විය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සටන් පාඨ ආකාරයේ මාතෘකාව විවිධ අදහස් දරන ශිෂ්‍ය කණ්ඩායම් සහ සහභාගිවන්නන් අතර ගැටුම් ඇති කිරීමට හේතු විය හැකි බව ද නිරීක්ෂණය විය. එවන් ගැටුම් වළක්වා ගැනීම සඳහා එම අවස්ථාවේ වැඩබලන උපකුලපති ලෙස කටයුතු කළ නියෝජ්‍ය උපකුලපතිවරයා දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපති හා ශාස්ත්‍ර පීඨ පීඨාධිපති සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව රැස්වීමේ මාතෘකාව මඳක් වෙනස් කර නිසි අවසර ලබා ගැනීමෙන් අනතුරුව එය පැවැත්වීමට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇත.

තවද මෙම සංගම් මගින් මීට පෙරද අත්පත්‍රිකා හා වෙනත් ද්‍රව්‍ය බෙදා හරිමින් විශ්වවිද්‍යාලයේ අවසරයකින් තොරව අනවසර රැස්වීම් පිඨය තුළ සංවිධානය කරමින් පිඨයේ දෛනික අධ්‍යාපනික කටයුතු කඩාකප්පල් කිරීමට උත්සහ කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අධ්‍යයන නිදහස ආරක්ෂා කිරීමටත් විවේචනාත්මක විමර්ශනය හා බුද්ධිමය මැදිහත්වීමේ සංස්කෘතියක් වර්ධනය කිරීමටත් කැපවී සිටියි. බොහෝ ශිෂ්‍ය සංගම් සහ අධ්‍යයන කාර්යමණ්ඩලය නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සෑම සතියකම පාහේ සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු සහ විවාද සංවිධානය කරයි. එමඟින් විශ්වවිද්‍යාලය තුළ නිදහස් ආරක්ෂාකාරි, බුද්ධිමය උත්තේජක පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම පිළිබිඹු කරයි.

විශ්ව විද්‍යාලය විවිධ දර්ශනවාදී සහ නිර්මාණාත්මක සාකච්ඡා දිරිමත් කරන අතරම විශ්වවිද්‍යාලයෙහි පවත්වනු ලබන සියලුම ක්‍රියාකාරකම් එහි නීතිමය, සදාචාරාත්මක සහ ආයතනික රාමුව තුළ ක්‍රියාත්මක කරයි. විශ්වවිද්‍යාලය පුද්ගල හා කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් විධිමත් ලෙස සිදු කිරීම දිරිගන්වන අතර එමඟින් ආයතනික වටිනාකම් සහ කීර්ති නාමය ආරක්ෂා වන බව සහතික කරයි.

නිසි අවසරය ලබාගෙන ඕනෑම විවේචනාත්මක, විමර්ෂණාත්මක ශ්‍රාස්ත්‍රීය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ඕනෑම ලියාපදිංචි ශිෂ්‍ය සංවිධානයකට, සංගමයකට හෝ සමාජයකට අවස්ථාව විශ්වවිද්‍යාලය තුළ විවර කර ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

බේබදු රියදුරෙකුගේ කැබ් රියේ ගැටුන පොලිස් සැරයන්වරයෙක් මරුට…

Next Post

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින 04 තුළ අවසන් කිරීමට ජනපති මැදිහත්වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.