අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF යෝජනාවලට කවුරු කැමති අකමැති වුනත් අපට පිළිගන්න වෙනවා. – ජනපති

අකමැති කෙනෙකුගේ විකල්පය අහන්න රජයට අයිතියක් තියනවා.. පැරණි ආර්ථික මොඩලය තවදුරටත් වලංගු නෑ...  

by editor
අගෝස්තු 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කවුරු කැමති අකමැති වුනත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවලට යා යුතුව ඇති බවත්,  පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ද ඔහු කීවේය.

අද (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ  ආරාධිත දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මහබැංකු අධිපතිවරයා සහ ජනාධිපතිවරයා …

“LET’S RESET SRI LANKA” තේමාව යටතේ ඇඩ්වකාටා ආයතනය  (Advocata Institute) මගින් මෙම සමුළුව සංවිධානය කර තිබුනේය.   අද සහ හෙට එය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාව හොඳ හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බව ද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මු“ලින්ම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගත යුතුයි. දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීමයි. මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමෙකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අප එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතු අතර,  පාර්ලිමේන්තුවට මෙම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකියි.“

“රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තින් වෙනස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේදී අපට මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක්. නිසැකවම ඉදිරි මාස 06 තුළදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පිළිගන්නවා.

රට මුලින්ම විදේශ ණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම ආසියනු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ගමන් කළ යුතු වෙනවා.

අපට විශාල ණය මුදලක් ගෙවීමට තිබෙනවා. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පරමාණු බලශක්තිය භාවිතය වැනි ක්ෂේත්‍ර පිළිබඳ සම්ප්‍රදායික රාමුවෙන් බැහැරව සිතිය යුතුය. රටේ ආර්ථිකය වර්ධනය නොකොට රටේ අනාගතය ප්‍රතිසංවිධානය කළ නොහැකියි.

වර්තමානයේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් සිදුකළ යුතු කාර්යය වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමයි. 1997 ආසියානු මුල්‍ය අර්බුද අවස්ථාවේදී සහ 1997 තායි ආර්ථික අර්බුදය අවස්ථාවේ දී ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවන්ගෙන් යලි නැගී සිටීමට ඔවුන්ට මග පෙන්නුවා.

මම පසුගියදා මහා නායක හිමිවරුන් බැහැ දුටු අවස්ථාවේදී ස්වාමින්වහන්සේලාද විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් ජනතාවට සහන සැලසීමට එකඟ වුණා. ඇති- නැති පුද්ගලයන් අතර පරතරය පසුගිය කාලයේදී වර්ධනය වී තිබෙනවා. කොවිඩ් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් අධ්‍යාපනය අඩපණවී තිබෙනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කළ යුතුයි. පළමුව ආර්ථික ස්ථායිතාව ඇති කළ යුතු අතර දෙවනුව ඒ තුළින් සමාජ ස්ථායීභාවය ඇති කළ හැකියි.

කෘෂිකර්මාන්තය හා ධීවර ක්ෂේත්‍රය නවීකරණය, නිෂ්පාදනයේදී නව තාක්ෂණය යොදා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම, කාන්තාවන් මුහුණ දෙන ගැටලු, ජනතාවගේ නිවාස අවශ්‍යතා, ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාව වන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.

ඉහළ වේතන ලබන, ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ඇති තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි. වර්ධනය වන විශාල වෙළෙඳපොළක් සහිත ආසියානු රටවල් සමග වෙළෙඳ සබඳතා ගොඩනගාගත යුතු වෙනවා. වත්මන් ලෝක ආර්ථික තත්ත්වය කිසිදු රටකට හිතකර වන්නේ නැහැ.

තායිලන්තයේ හිටපු බැංකු ප්‍රධානී ආචාර්ය Veerathai Santiprubhop අදහස් දැක්වමින්

තායිලන්තයේ හිටපු බැංකු ප්‍රධානී ආචාර්ය Veerathai Santiprubhop මහතා  ද  මෙහිදී අදහස් දැක්වමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ පෙන්වන තරම් ශ්‍රී ලංකාව තුළ මූල්‍ය අර්බුදයක් දක්නට නොමැති බවයි.

තායිලන්ත ආර්ථික අර්බුදයෙන් යළි නැගි සිටීමට රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය, වඩාත් දුෂ්කරතාවන්ට ලක්වන පුද්ගලයන් ආරක්ෂා කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ, බැංකු ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය ඇති කිරීම, කැබිනට් මණ්ඩලයට ආර්ථික විශේෂඥයන් ඇතුලත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම, අවශ්‍ය නීති සංශෝධනය, විදේශ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීම ආදී පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත දිසානායක   සහ ඇඩ්වකාටා ආයතනයේ සභාපති Murtaza Jafferjee  ඇතුළු නියෝජිතයන් මීට එක්ව සිටියහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගල භූමියේ ඉදිකිරීම් 10 වනදා තෙක් ඉවත් කරන්නෙ නෑ… නීතිපති අධිකරණයට දන්වයි!

Next Post

මහනුවර නගර සභාව ශ්‍රී දළදා පෙරහර දැකීමේ මහජන අයිතිය ජාවාරමුන්ට විකුණයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.