සිංහලයේ අති උතුම් සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ශ්‍රී දළදා පෙරහර මහනුරව නගර සභාව විසින් කූඨ ජාවාරම් කරුවන් හා එක්ව විකුණාගෙන කන ජාවාරමක තොරතුරු ලංකාසරට හෙළිදරවු වේ.
හෙළිදරව් වන පරිදි සිද්ධිය මෙසේය.
හිසට සෙවනක් සහිතව මහනුවර ශ්‍රි දළදා පෙරහර සාමාන්‍ය ජනතාවට නැරඹිය හැකි එකම ස්ථානය ක්වීන්ස් හෝටලයේ කොරිඩෝවය. එය මහජනයාට අයිති පොදු පදික වේදිකාවක් සේ සැලකෙන කොටසකි.
පොදු ඉඩක් පෙරහර දා අලෙවි කර මුදල් සෙවීම සම්බන්ධව මින් පෙරද ප්‍රශ්න පැන නැගුණ අතර මහ මළුවේ පුටු වෙළෙඳාම නැවතී ගියේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
කෙසේ වෙතත් මෙම කොරිඩෝවේ පුටු දමා එම පුටු නගර සභාව මගින් නියමකළ මිල ගණන්වලට අලෙවි කර නගර සභාවට ආදායමක් ගැනීමට යෝජනා වී තිබිණි. බොහෝ විට එය සාපේක්ෂව සාධාරණ මිලක් විය. මෙවර ඒ මිල රුපියල් දෙදහස් පන්සියයක් පමණ වනු ඇතැයි අපෙක්ෂා කෙරිනි.
එහෙත් පෙරහර පුටු මිලට ගැනීම සඳහා නගර සභාව මගින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකතන අංක වලට කතා කිරීමේදී ඔවුන් අපට පැවසුවේ පුටු සියල්ල අළෙවි වී අවසන් බවයි. මහනුවර පුද්ගලයින් කිහිපදෙනෙකු පුටු සියල්ල මිලට ගෙන තිබෙන බැවින් ඔවුන් ගෙන් පුටු මිලට ගන්නා ලෙස නගර සභා සේවකයින් අපට දැනුම් දුන්නේ අදාළ පුද්ගලයින්ගේ දුරකතන අංකද ලබා දෙමිනි.
එම අංක වලට කතා කිරිමේදී කුඹල් පෙරහර නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 7000 ක්ද රන් දෝලි පෙරහරක් නැරඹීම සඳහා එක් පුටුවකට රුපියල් 9000 ක්ද අය කරන බව ඔවුහු අපට කීහ.
පුටු විකිණීම ජාවාරමක් ලෙස විතැන් වන්නේ අවසන් මොහොත වනතුරුත් නගර සභාව විසින් මේ ස්ථානය කළමනාකරණය කරන බවට නිගමනය කර සිටියදීය.
මේ සම්බන්ධව සොයා බැලීමේ දී හෙලිදරවු වන්නේ පරෙහර ආරම්භ වීමත් සමග ක්වීන්ස් හෝටලය ඉදිරිපිට පොදු ජනතාවට අයත් පදික වේදිකා භූමිය පුද්ගලයින් කීපදෙනෙකුට විකුණා ඇති බවය.
මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් කොමසාරිස් මේනක හේරත් තමන් මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්නා බව ප්‍රකාශ කළේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ කීවේ පෙරහර සංවිධානය කරන සාකච්ඡාවල දි කිසිම පිටස්තර පුද්ගලයෙකුට පුටු විකිණීමේ ඉඩ ලබා නොදීමට තීරණය කළ බවය. මහනුවර පුරපති කේසර සේනානායක මේ සම්බන්ධව වහා සොයා බලා පියවර ගන්නා බව පැවසුවේය.