ගාලුමුවදොර ගෝඨාගෝගම පරිශ්‍රයේ ඉදිකිරීම් අගෝස්තු මස 10 දින තෙක් ඉවත් කිරීමට කටයුතු නොකරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා තිබේ.
නීතිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී ය .
අසංක අබේරත්න, ඉරෝශ් අපෝන්සු, වීරගහවත්තේ කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිව්දෙනා මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත .
මෙම පෙත්සම්, සෝභිත රාජකරුණා ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
පොලිසිය පසුගිය තුන් වැනිදා අවසන් නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ මෙම පරිශ්‍රයේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් අගොස්තු මස 05දා සවස 05 වනවිට ඉවත් කළ යුතු බවය.
එසේ ඉවත් නොකරන සියලුම පුද්ගලයන් විෂයෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අණ සහිතව නිවේදනයක් ප්‍රකාශයට පත් කළේය. එහෙත් අරගලකරුවන් පැවසුවේ පොලිසිය කී පමණින් තමන් එම භූමයෙන් ඉවත්වීමේ සූදානමක් නැති බවය.
අරගලකරුවන් සහ ජනාධිපතිවරයා අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනේය.