පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළකට යෑමට රජය සාකච්ඡා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලන්ඩන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම ඉතා දුෂ්කර බවත් ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බවත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.
ජාත්‍යාන්තර ස්වයිරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට යළි සාකච්ඡා කරන බවත් එම ගෙවීම් සම්බන්ධව සහන ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඔහු පවසා ඇත්තේ ණය පැහැර හැරීමෙන් වැළකී ආර්ථික අර්බුදය සමනය කරගැනීමට වෑයම් කරන බවය.
කෙසේ වෙතත් ෆයිනෑෂල් ටයිම්ස් පවසන්නේ බෙලීස්, සැම්බියාව සහ ඉක්වදෝරය වැනි රටවල්වලට පසු ශ්‍රී ලංකාව ද වසංගත තත්වයෙන් අනතුරුව ස්වයිරී බැඳුම්කර ගෙවීම පැහැර හරින රටක් බවට පත්වනු ඇතැයි බොහෝ ආයෝජකයන් මත පල කරන බවය.
හිරු –







