විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පෙරේදා (26) සවස රාජ්‍ය තාන්ත්‍රික විදේශ ප්‍රජාව හමුවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන ප්‍රකාශයක් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩුවක් පවරා ඇති බවත් විත්තිකරුට ඇප ලබාදීමට තමන් විරුද්ධ නොවන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් පවසා ඇති පසුබිමක , පුත්තලම මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වීම නිසා ඔහු යළිත් ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ප්‍රථම මානව හිමිකම් හා ප්‍රතිසංධානයට අදාල තොරතුරු හුවමාරු කරගැනීම අරමුණු කරගෙන මෙම හමුව සංවිධානය වූ බව විදේශ අමාත්‍යාංශය දන්වා සිටියේය.
මේ අතර හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම පුත්තලම මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න විසින් අද ප්‍රතික්ෂේප කර තිබිණි. විනිසුරුවරිය පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයට ඇප ලබාදීමට බලයක් නැතැයි යන ස්ථාවරයේ සිටිමින් මීට පෙර ඇප ප්‍රතික්ෂේප කර ඇති නිසා එම ස්ථාවරයේම සිටිමින් මෙවරද ඇප ප්‍රතික්ෂේප කරන බවය.
අභියාචනාධිකරණයේ දී ඇප ඉල්ලීමේ දී ඊට විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා විසින් දන්වා සිටි බව හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස පෙන්වා දුන් පසු විනිසුරුවරිය කීවේ අභියාචනාධිකරණය ඇප නියම කරන ලෙස නියෝග කළොත් ඒ බව මෝසමක් මගින් දැනුම් දෙන ලෙසත් එවිට හැකි පළමු දිනයේදීම ඇප ලබා දෙන බවත්ය.
නඩුව පෙබරවාරි 18 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.







