දිනසේන රතුගමගේ –
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස යාපනයේදී උතුරු පළාත් ආණ්ඩුකාරිණී පි.එම්.එස්.චාර්ල්ස් හා යාපනයේ නිලධාරීන් සමග ඊයේ (14 ) විශේෂ සාකච්ඡාවක නිරත විය.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවෙදී ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂ පීටර් බෲවර් (Peter Breuer) ඇතුළු නියෝජිත පිරිස උතුරේ ආර්ථික වර්ධනය, බිම්බෝම්බ ඉවත් කිරීම, යුද අනාථයින් යළි පදිංචි කරවීම ,යුද්ධයේ වින්දිතයින්ට වන්දි ලබා දීමේ ක්‍රියාවලිය, යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල ප්‍රගත, කොවිඩ් වසංගතයෙන් පසු උතුරේ තත්ත්වය, අයහපත් කාලගූණික විපර්යාසයන් නිසා පසුගිය කාලයේ සිදු වූ සිදු වූ හානි ඇතුළු කාරණා රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළහ.

උතුරේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් රජය මේ දක්වා ගෙන ඇති තීන්දු තීරණ හා විශේෂ ව්‍යාපෘති පිළිබදව ආණ්ඩුකාරවරිය මෙහිදී ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරයාව දනුවත් කළාය.
උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට යාපනය විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක්, ව්‍යාපාරික නියෝජිතයින් සහ කුඩා ව්‍යාපාරිකයින්ගේ නියෝජිතයින් සහභාගී විය.







