සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වෙයි ද?… විද්වත්හු සැක පහළ කරති…

by editor
සැප්තැම්බර් 19, 2023
in පුවත්, ව්‍යාපාර
IMF
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල මගින් නිදහස් කිරීමට නියමිත දෙවැනි  ණය වාරිකය හිමිවීමේ   ප්‍රමාදයක්   ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 38ක් ශ්‍රී ලංකාව අගෝස්තු මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 8 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’  උපුටා දක්වමින් බීබීසී ය වාර්තා කරයි.

දෙවන ණය වාරිකය නිදහස් කරගැනීමට යන ගමනේ දී  ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තරමක ප්‍රමාදයක් පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පවා පෙනී ගොස් ඇති පසුබිමක පළමු සමාලෝචනය සිදුකිරීම ප්‍රමාද කර ඇති බවට පෙනී යන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය නිශාන් ද මැල්, බීබීසි සිංහල වෙත පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මේ වනවිට ඇරඹී ඇති සාකච්ඡාවේදී  අවධානය යොමු වන්නේ ලංකාවේ රජය විසින් ජුනි මාසය අවසන් වන විට සම්පුර්ණ කළ යුතුව තිබු කරුණු සම්බන්ධයෙන් බව වාර්තා වේ.

එහිදී ලංකාවේ ඉදිරි ගමන තරමක ප්‍රමාදයක් තිබෙන බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් එය තේරුම් ගෙන අදාළ සමාලෝචන ක්‍රියාවලිය ප්‍රමාද කර ඇති බවක් පෙනෙන්නට තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා පවසයි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කළ කොන්දේසි ඉටු කිරීමට රජය උත්සහ කළ ද ඒවා සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් මේ සම්බන්ධව   ඳව කරුණු දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල බීබීසි සිංහල වෙත  පවසා ඇත.

උදාහරණයක් වශයෙන් අල්ලස් හෝ දුෂණ වංචා සම්බන්ධ පනත කෙටුම්පතක් සාදනු ලැබුවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන්නේ නම් එහි කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ඔහු සඳහන් කළේය.

මීළඟ ණය වාරිකය ලබා ගැනීම සඳහා රජය විසින් මෙරට දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කටයුතු කළ යුතුව ඇති බවත්, සේවක අර්ථසාධක අරමුදල හැර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉටු කර ගැනීමට රජය අපොහොසත්ව ඇති බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල  පෙන්වා දී තිබේ.

“IMF දෙවැනි ණය වාරිකය නිකුත් කරන්න පෙර දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්න අවශ්‍යයි කියලා. නමුත් රජයට තවම හැකියාව ලැබිලා නැහැ දේශීය ණයවත් සම්පුර්ණෙ ප්‍රතිව්‍යුහගතකරණයකට යන්න.”

“උදාහරණයක් විදිහට ETF එකෙන් සිදුකළ ආයෝජන සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් තීන්දුව ගත්තේ IMF සමාලෝචනය ආරම්භ කරපු දවසේ උදෑසන.”‍

“නමුත් මහ බැංකුව විසින් දුන් ණය ගැන තවම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදුවෙලා නැහැ. ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තවම අවශ්‍ය සැලැස්මවත් ඉදිරිපත් කරලා නැහැ.” ඔහු පෙන්වා දෙන ලදී.

මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රමාදයක් නොව, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රජයේ පවතින ප්‍රමාදයක් බැවින් දෙවන ණය වාරිකය හිමිවීමේ යම් ප්‍රමාදයක් යම් අයුරකින් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය. (බීබීසී ඇසුරින්)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවසන් මහා තරගය පාවා දුන්නාදැයි පරීක්ෂණයක් කරන්න… පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

Next Post

පුහුණු ක්‍රියාකරවන්නන් නැතිව කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් සතියක් තිස්සේ නැවතීලා… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.