බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA වැටුප් වැඩිවීමේ කෙඳිරිල්ලට සෞඛ්‍ය ඇමති නලින්ද පැහැදිලි උත්තරයක් දෙයි…

by editor
පෙබරවාරි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පට්ටපල් බොරුවලට කවුරුත් රැවටෙන්න ඕන නෑ… සෞඛ්‍ය සේවයේ වැටුප් දැනෙන්න වැඩි කරලා තියෙන්නේ මෙහෙමයි… නලින්ද දීර්ඝ විතරයකින් පැහැදිලි කරයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ වෙන කිසිම ආයතනයක් හෝ පුද්ගලයෙක් බිය විය යුතු නැති බවත්, ලබන ලැබූ වැටුපට වඩා වැඩි වැටුපක් සෑම රාජ්‍ය සේවකයෙක්ම අප්‍රේල් මාසයේ ගෙදර ගෙනයන බවට සහතික වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද සහතික කර ප්‍රකාශ කළේය.

ඇමතිවරයා ප්‍රකාශ කළේ නොදැනුවත්කම නිසා හෝ වැරදි වැටහීම් මත මේ වැටුප් වැඩිවීම සම්බන්ධව විවිධ පාර්ශව විග්‍රහ කරමින් සිටින බවය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබන 27 දා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දී ඇති බවත් තමන් අද (24) පරිපූරක වෛද්‍ය සේවයේ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවත් කී ඇමතිවරයා තහවුරු කර පෙන්වා දුන්නේ මූලික වැටුප් වැඩිවීම අදියර තුනකින් සිදුවුව ද අතිකාල සේවය,  අතිරේක සේවය, දෛනික දීමනා ඇතුළු සියලුම දීමනා වැඩි වන්නේ 2027 වසරේ දී සම්පූර්ණවන මූලික වැටුප් වැඩිවීමේ සමස්ථ මුදලට අදාලව බවය.

මේ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද  (24) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ කැපවීම නිසා තමයි සෞඛ්‍ය සේවය මේ තත්ත්වයේ තිබෙන්නෙ. ඔවුන්ගේ වැටුප් ඉතාම ඉහළින් වැඩි වෙලා තියනවා.

අතුරු ද්‍යෛ සේවයේ MT 6 වැටුප් තලයේ III වන පන්තියට තිබුණේ මූලික වැටුප රුපියල් 32080යි. ඒක රුපියල් 54120 දක්වා වැඩි වෙනවා. තිබුණ වැටුප අනුව ඒ අයගේ දළ වැටුප රුපියල් 1, 03,480ක් ලැබෙනවා. මේ කියන්නේ අතුරු වෛද්‍ය සේවයේ 111වැනි ශ්‍රේණිය. මේ වැටුප් වැඩිවීමත් එක්ක ඒ අයගේ වැටුප 1,32,40 දක්වා වැඩි වෙනවා. මූලික වැටුපේ විතරක් රුපියල් 22,040ක වැඩිවීමක්. දල වැටුපේ රුපියල් 28,560ක වැඩිවීමක්.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

MT 7 වැටුප් තලයේ සිටින IIIවන ශ්‍රේණියේ හෙදියකට. එයාගේ මූලික වැටුප තිබෙන්නේ රුපියල් 32,525යි. ඒක 54,920 දක්වා වැඩි වෙනවා. එයාගේ දල වැටුප තිබ්බේ රුපියල් 1,04,481යි. ඒ මුදල රුපියල් 1,33,640 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප විතරක් රුපියල් 22,395කින් සහ දළ වැටුප රුපියල් 29,159කින් වැඩි වෙනවා.

සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ දැන් තියෙන මූලික වැටුප 54,290යි. ඒ මූලික වැටුප 94,250 දක්වා වැඩි වෙනවා. එයාගේ දළ වැටුප දැන් හම්බවෙන්නේ රුපියල් 2,32,635 යි. ඒ මුදල 2,77,800 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප් වැඩිවීම විතරක් රුපියල් 39,860යි. දළ වැටුප වැඩිවීම රුපියල් 45,075යි.

ඒ නිසා කාටවත් කියන්න බෑ වැටුප් වැඩිවුනේ නෑ කියලා. වැටුප් ඉහළින්ම වැඩි වෙලා තියනවා.

අතිකාල ඇතුළු දීමනා හැදෙන හැටි

මේකත් එක්ක එනවා මූලික වැටුපට අදාලව අතිරේක සේවය, අතිකාල සේවය, ආදී දිමනා සකස් කිරීම සම්බන්ධයෙන් යම් සැකයක් මතු කරලා තියනවා. එතකොට මම කියන්න කැමතියි ආණ්ඩුව තීන්දුවක් ගත්තා මූලික වැටුප් වැඩි කිරීමට. ඒ වැටුප් වැඩි වෙන්නේ මේ තියන ආර්ථිකය, භාණ්ඩාගාරයේ තත්ත්වය අනුව අදියර තුනකින්.

මේ අප්‍රේල් මාසෙදි එක අදියරක් තියනවා. 2026 ජනවාරිවල දෙවැනි අදියර. 2027 ජනවාරිවල තුන්වන අදියර.

එතකොට 2027 ජනවාරිවල තමයි මූලික වැටුප් වැඩිවීම සම්පූර්ණ වෙන්නේ. හැබැයි 2027 ජනවාරිවල සිදුවන මූලික වැටුප් වැඩිවීමට අදාලව තමයි මේ අප්‍රේල් මාසේ ඉඳන් දීමනා ගණන් හැදෙන්නේ.
අතිරේක සේවය, අතිකාල සේවය, පීඑච් එක දෛනික දීමනාව වගේ දීමනා… මේ සියල්ලම ගණන් හැදෙන්නේ 2027 ජනවාරිවල තුන්වන අදියරේ වැටුපට එකතුවන එකත් එක්ක මිසක් අප්‍රේල් මාසයට වැඩිවන කොටසට අදාලව නෙමෙයි.

මේවා හැම ආණ්ඩුවක්ම කරපු දේවල් නෙමෙයි. අපි බොහොම පැහැදිලිව ඒ වැටුප් වැඩිවීම ලබා දීලා තියනවා. සමස්ථ මූලික වැටුපෙන් තමයි සියලුම දීමනා සකස් කරන්නේ.

  • ඒ අනුව ගත්තාම අතුරු වෛද්‍ය ‍සේවාවේ ඉන්න කෙනෙකුට දැනට අතිකාල ලෙස පැයකට ලැබෙන රුපියල් 198යි. එය  රුපියල් 267 දක්වා වැඩි වෙනවා.
  • පරිපූරක වෛද්‍ය සේවාවේ ඉන්න කෙනෙකුට පැයකට ලැබෙන අතිකාල මුදල රුපියල් 201 ඉඳන් රුපියල් 271 දක්වා වැඩි වෙනවා.
  • හෙද නිලධාරියෙකුට දැන් පැයකට ලැබෙන රුපියල් 203 රුපියල් 275 දක්වා වැඩි වෙනවා.
  • වෛද්‍ය නිලධාරියෙකුට දැන් ලැබෙන රුපියල් 679 රුපියල් 765 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ අයට ලැබෙන ඕටී එක හරි අතිරේක සේවය හරි පැයකටත් වැඩිවෙලා තියෙන්නේ.

ඊලඟට දෛනික දීමනාවේ වැඩිවීම මෙහෙමයි.

  • දැන් අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ පැයකට ලැබෙන රුපියල් 1582 රුපියල් 1777 වෙනකම් වැඩි වෙනවා.
  • පරිපූරක වෘත්තිකයින්ගේ දැන් ලැබෙන රුපියල් 1604 රුපියල් 1804 වෙනකම් පැයකට වැඩි වෙනවා.
  • හෙද නිලධාරියෙකුගේ දැන් ලැබෙන රුපියල් 1626 රුපියල් 1831ක් වෙනවා.
  • වෛද්‍ය නිලධාරියෙකුට දැන් ලැබෙන රුපියල් 2715 රුපියල් 3058 වෙනකම් වැඩි වෙනවා.

මෙහිදී නැගී සිටි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය ලිඛිතව ජනාධිපතිවරයා වෙත කළ ඉල්ලීම දක්වමින් ප්‍රකාශ කළේ එම සංගමය පවසන්නේ මීට හාත්පසින් වෙනස් කතාවක් බව.

“GMOA එක එකක් කියනවා ඔබතුමාලා එකක් කියනවා. මෙතන පරස්පරයක් තියනවා. මේක සභාගත කරනවා. ඒ එයට කතා කරන්න අවස්ථාවක් දෙන්න. ” නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේය.

එහිදී නලින්ද ජයතිස්ස ඇමතිවරයා ප්‍රකාශ කළේ ඒ අයට අවස්ථාවක් ලබා දී ඇති බවය.

“ඒ සාකච්ඡා ලබා දීලා තියනවා මේ 27 හවස 5ට ජනාධිපතිතුමා එක්ක. අතුරු වෛද්‍යවරු එක්ක අද දවල් 12ට සාකච්ඡා කරනවා.
කවුරුහරි කියන්න හදනවා නම් ඒ ගොල්ලන්ට ගෙදර ගෙනියන වැටුප අඩු වෙලා කියලා ඒක පට්ටපල් බොරුවක්. මූලික වැටුපත් වැඩි වෙලා තියනවා. මූලික වැටුප ගණන් හදන්නේ 2027 ජනවාරිවල ලැබෙන වැටුපට අදාලව නිසා මේ අප්‍රේල් මාසේ ඉඳලා අතිරේක සේවය, අතිකාල සේවය සහ පී.එච් එක දෛනික දීමනාව ආදී සියලු දේ වැඩි වෙනවා. ”

“ඒ වගේම මේ සැම කෙනාගෙම වැටුප් වර්ධකය සියයට 80කින් වැඩි වෙනවා. මම මේ කියන්නේ ඇවරේජ් එක. වැටුප් කැටගරි එකිනෙකාගේ වෙනස් නිසා. ”

මාණ්ඩලික තත්ත්වය වෙනස් වෙනව ද?

“එපමණක් නෙමෙයි… දැන් මේ තව තැනක හදනවා මෙහෙම කතාවක්. අතිරේක සේවයේ සහ අතිකාල සේවයේ වෙනසක් කළාම ඒ අයගේ මාණ්ඩලික තත්ත්වය වෙනස් වෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නෑ. කෙනෙක් මාණ්ඩලිකද නැද්ද කියලා තීරණය කරන්නේ ඒ ලැබෙන හැටෙන් එක හරි දෙසීයෙන් එක හරි අසූවෙන් එක හරි එකසිය විස්සෙන් එක මත නෙමෙයි. ”

“ඒ නිසා මාණඩලික තත්ත්වයෙන් කවරුහරි වෙනස් වෙනවා කියලා කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. එහෙම වෙන්නේ නෑ. රාජ්‍ය පරිපාලන ඇමතිතුමා ඒකට සහතික වේවි. අපි ඒක හොයලා බැලුවා. එහෙම කිසිම දෙයක් වෙන්නෙ නෑ. මාණඩලික තත්ත්වයෙ ඉන්න අය මාණ්ඩලික තත්ත්වයේ ඉන්නවා. ඒකට මේ සංශෝධනය අදාල වෙන්නේ නෑ.”

වසර 10න් දහය උසස්වීම් සෞඛ්‍ය සේවයට අදාල නෑ…

“තව කියන දෙයක් තමයි අවුරුදු 10න් දහයට උසස්වීම් සම්බන්ධව මේකේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියනවා. දැනට හෙද සේවයට හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට ඒක අදාල වෙන්නේ නෑ. ඒ අයට අවුරුදු 5න් සහ 7න් ලැබුණ උසස්වීම් ඒ විදිහටම ලැබෙනවා.

එපමණක් නෙමෙයි… මම කියන්න කැමතියි… සමහර කාලේ රනිල් වික්‍රමසිංහ ලඟ ඉඳලා මන්ත්‍රීකම් අරන් දවස් හතක් මන්ත්‍රීකම කරලා පර්මිට් එක ගත්තු,  මන්ත්‍රීකම නැතිවුනාම අධ්‍යක්ෂ ජනරාල් වෙච්චි සමහර අය පට්ටපල් බොරු කියාගෙන යනවා මාධ්‍යවලට මේ වැටුප් වැඩිවීම අවුරුදු තුනකින් ලැබෙනවා කියලා.
පළමු වැටුප් වැඩිවීම අප්‍රේල්වල ලැබෙනවා. දෙවැනි වටුප් වැඩිවීම මාස 08කින්. 2027 ජනවාරිවල ඊලඟ අවුරුද්දේ වැටුප වැඩි වෙනවා. මාස 20ක් යනකොට මූලික වැටුප් වැඩිවීම සම්පූර්ණ වෙනවා.
බිලියන 110ක් වෙන් කරලා මේ වැටුප් වැඩිවීම ලබා දීලා තියෙන්නේ. අපට අවශ්‍යයි රාජ්‍ය සේවයේ වැඩි මැදිහත්වීමක්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි…

Next Post

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා… ජනාධිපති මාධ්‍ය  උපදේශක චන්දන සූරියබණ්ඩාර… අනුරුද්ධ ලොකුහපුආරච්චි ජාත්‍යාන්තර මාධ්‍ය හා උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂවරයා

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.