රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තමන් සිදුකරනු ලබන බව කියන දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ බරපතල ප්‍රකාශය ඔප්පු කර පෙන්වනු ලැබුවොත් ඒ මොහොතේම අමාත්‍ය ධූරයෙන් ඉවත් වී ගෙදර යන බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද (22) පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල කරාපිටිය හෙල්මුට්කෝල් මාතෘ රෝහල නිරීක්ෂණය සඳහා චාරිකාවකට එක් වෙමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හැරීම සඳහා හේතුවක් හොයමින් සිටින බව කී ඇමතිවරයා එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.
“මම අහගෙන සිටියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එක් වෛද්‍යවරයෙක් කියනවා දේශපාලන ඇඟිලි ගැසීම් නැහැ කියලා කියනවා නම් ඒ කට්ටිය වැඩට යනවා කියලා. “
“මම පොඩි අභියෝගයක් කරනවා. එක දේශපාලන වැඩපිළිවෙළක්, ඇඟිලි ගැසීමක් කරන්න මැදිහත් වුනා කියලා ඔප්පු කළොත් මං හෙට ඉල්ලා අස්වෙනවා කියලා.“
“එතකොට ඒ කට්ටියගෙ ප්‍රශ්නය ඉවරයිනෙ. මමත් මගේ ලේකම් තුමත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමත් කිසිම විටෙක කිසිම අවස්ථාවක කිසිම දේකට දේශපාලනිකව හෝ අත්තනෝමතිකව අතපොවලා නෑ. අපි සාධාරණ විදිහට කරුණු ගැන කතා කරලා තියනවා. වෛද්‍යවරු දෙපැත්තකට බෙදෙන අවස්ථාවල්වල මැද තැනකට ඇවිත් කරුණු විමසලා තියනවා.“
“කිසිම අවස්ථාවක දේශපාලනය වෛද්‍ය ක්ෂේත්‍රයට ගෙනල්ලත් නෑ, ගේන්නෙත් නෑ. එහෙම කළා කියලා කෙනෙක් ඔප්පු කරනවා නම් මම හෙට දවසෙ ගෙදර යනවා.“