ආණ්ඩුවක් වැරදි තීන්දු ගන්නා විට ප්‍රජාතන්ත්‍රවාදව හා ශිෂ්ඨ සම්පන්න ලෙස විරෝධය දැක්වීමට කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරී සිසුන් පසුගියදා කටයුතු කළ ආකාරය පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිය ප්‍රණාමය පුද කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගියදා පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි මංජුසාව ලබා නොගෙන ප්‍රතික්ෂේප කිරීමට උපාධිධාරී සිසුන්ගෙන් ඇතැමෙක් කටයුතු කර තිබුණි.
කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්වීමට විරෝධය දක්වමින් උන්වහන්සේට මෙම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි නොවී සිටින්නැයි දන්වන ලෙස උපකුලපතිනියට සරසවියේ විවිධ පාර්ශව විසින් උත්සවයට පෙර දන්වා තිබුණි.
කොළඹ සරසවි සිසුන්ගේ මෙම ක්‍රියාවට සමාජයේ බොහෝ දෙනෙකු විරෝධය දක්වා තිබූ අතර ඇතැමකුගේ ප්‍රශංසාවට ලක්ව තිබුණි.
හිටපු ජනපතිනිය මෙම ක්‍රියාව සෙසු අයට ද විරෝධය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස ආදර්ශයට ගන්නා ලෙස ද සිය නිල සමාජ ජාල ගිණුම් වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසා තිබුණි.