කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා ජනාධිපතිවරයා විසින් පත් කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව පත් වූ දා සිට කෘෂිකර්ම අමාත්‍යංශයට මෙලෙස පත් වූ සිව්වැනි ලේකම්වරයා ඔහුය.
මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන ලද්දේ ජේෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා විසිනි.
මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත්කර තිබේ.
ඔහු ජනවාරි පළවෙනිදා සිට එම තනතුරේ කටයුතු කරනු ඇත.