සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටාර්ගට් ගන්න බොරු කුඩු නඩු පැවරූ ගම්පහ පොලිසියේ තිදෙනෙකුට ගම්පහ මහේස්ත්‍රාත්  ලබා දුන් අමතක නොවන නඩු තීන්දුව….

by editor
මැයි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී – 

  • ව්‍යාජ මත්ද්‍රව්‍ය නඩු පැවරූ ගම්පහ දූෂණ මර්දන අංශයේ තිදෙනෙකුට රුපියල් විසිපන් දහස බැගින් වන්දි ගෙවන්න වෙයි…  පොලිස් දෙපාර්තමේන්තුවට ලක්ෂ 2ක වන්දි නියෝගයක්… වන්දි පොලිස් තෑගි අරමුදලින් ලබා දිය යුතුයි…  මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි… මේ විදිහට බොරු නඩු දැම්මොත් පොලිසියට නඩු දාන්න මේ රටේ ජනතාවත් මදි වෙයි…  මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී කියයි!

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ව්‍යාජ සාක්ෂි ගොනු කරමින් පුද්ගලයෙකුට පීඩාකාරී ලෙස නඩු පැවරූ ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග  කළේය.

එක් මාසයකට වඩා ඊළඟ මාසයේ නඩු සංඛ්‍යාව ඉහළ නංවා ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන් ලබා දෙන නියෝග මත මෙලෙස දිගින් දිගට ම කටයුතු කළහොත්, තවත් වසර 5ක් ගත වන විට පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය ද ප්‍රමාණවත් නොවනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේ ය.

රට වැසියෙකුට අතිශය පීඩාකාරී වන අන්දමට පොලිස් නිලධාරීන් විසින් මෙම අසාධාරන නඩු පැවරීම සිදු කර ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, බල ප්‍රදේශයක නඩු සංඛ්‍යාව ඉහළ යාම යනු සැබවින් ම එම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාව සහ අසමත්භාවය විදහා පෙන්වන්නක් බව ද පෙන්වා දුන්නේ ය.

මෙම අසාධාරණ නඩු පැවරීමට ලක් ව තිබුණේ දූවලපොළ, මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නැමැති අයෙකි. ඔහුට එරෙහිව ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය විසින් පවරා තිබූ නඩු දෙකෙන් ම ඔහු නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේ ය.

  • එක ම දිනයේ, එක ම චෝදනාවට නඩු දෙකක්!

පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලට අනුව, 2026 මැයි 06 වන දා හෝ ඊට ආසන්න දිනෙක ගම්පහ අස්ගිරිය මංසන්ධියේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ළඟ තබා ගත් බවට චාමර චතුරංග නැමැත්තාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් මෙම නඩු පවරා තිබිණි. එහි සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණේ එම කොට්ඨාසයේ ම පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකි.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

අදාළ පුද්ගලයාට එරෙහිව එක් මත්ද්‍රව්‍ය නඩුවක් කැඳවූ අවස්ථාවේදී ඔහු වරද පිළිගැනීම නිසා දඩයක් නියම කෙරුණු අතර, ඉන් සුළු මොහොතකට පසු එම චෝදනාව යටතේ ම ඔහුට එරෙහිව තවත් නඩුවක් කැඳවීමට පොලිසිය කටයුතු කර තිබිණි.

එක ම පුද්ගලයෙකුට එරෙහිව එක ම දිනක නඩු දෙකක් පවරා ඇති අන්දම නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න, මෙලෙස ජනතාව පීඩාවට පත් කරමින් නඩු පැවරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(1) වගන්තිය යටතේ ක්‍රියා නොකළ යුත්තේ මන්දැයි විමසීමට අදාළ නිලධාරීන් අධිකරණයට කැඳවුව ද ඔවුන් කිසිවෙකුත් පෙනී සිටියේ නැත.

පසුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන්වරයා කියා සිටියේ, අදාළ වැටලීමේදී සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බැවින් චෝදනා පත්‍ර වැරදි ලෙස ගොනු වී ඇති බවත්, ඒ අනුව එක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ය.

නමුත් විත්තිකරු වරදකරු කිරීමේ චේතනාවෙන් ම පොලිස් නිලධාරීන් තිදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කරමින් මෙම නඩු ගොනු කර ඇති බැවින් පොලිසියේ එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.

  • රස පරීක්ෂක වාර්තා සහ පොලිසියේ රෙකෝඩ්ස්

පොලිසිය විසින් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන බව පෙන්වූවත්, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා දෙස බැලීමේදී පොලිසිය සඳහන් කරන ප්‍රමාණයට වඩා ඉතා ම අවම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හෝ ඇතැම් නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නොවන අවස්ථා පවතින බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී හෙළිදරව් කළේ ය.

මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමට ඉහළින් උපදෙස් ලැබී තිබුණ ද පහළ නිලධාරීන් එය ක්‍රියාත්මක කරන්නේ ඉතා ම අවිධිමත් සහ නින්දිත ආකාරයෙන් බව පැවසූ මහේස්ත්‍රාත්වරයා, නඩු සංඛ්‍යාව අනුව පොලිසියේ ප්‍රගතිය මැනීමේ ක්‍රමය මුළුමනින් ම වැරදි බව ද, සැබෑ ලෙස ම අපරාධ මර්දනය වන්නේ නම් මාසයෙන් මාසයට නඩු සංඛ්‍යාව අඩු විය යුතු බව ද පෙන්වා දුන්නේ ය.

එමෙන් ම, ඇතැම් අවස්ථාවල අධිකරණයේ අභිමතය සීමා කිරීමේ උපක්‍රමයක් ලෙස පොලිසිය අන්තරායදායක ඖෂධ පනතේ 54 වගන්තිය අවභාවිත කරන බවත්, මෙහි අවසාන ප්‍රතිඵලය පොලිසිය කෙරෙහි අධිකරණයට ඇති විශ්වාසය පළුදු වීම බවත් මහේස්ත්‍රාත්වරයා අනතුරු ඇඟවීය.

මේ පිළිබඳව කරුණු විමසීමට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කැඳවා තිබුණ ද ඔහු ද අධිකරණයට නොපැමිණීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සිය දැඩි කනගාටුව පළ කළේ ය.

  • පොලිස් තෑගි අරමුදලෙනුත් වන්දි ගෙවන්න නියෝග

  1. අසාධාරණ ලෙස නඩු පැවරීම සම්බන්ධයෙන් වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් තිදෙනා විසින් විත්තිකරුට රුපියල් 25,000 බැගින් වන්දි ගෙවිය යුතු ය.
  2. එමෙන් ම, විෂ වර්ග සහ අබිං අන්තරායදායක ඖෂධ පනත යටතේ අය කෙරෙන දඩ මුදල්වලින් විශාල ප්‍රතිශතයක් පොලිස් තෑගි අරමුදලට බැර වන බැවින්, මෙවැනි නිස්සාරණ නඩු පැවරීම්වලදී ඉන් වන්දි ගෙවිය යුතු බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා, නඩු දෙක සඳහා පොලිස් දෙපාර්තමේන්තුව (තෑගි අරමුදල) මගින් රුපියල් ලක්ෂයක මුදලක් විත්තිකරුට ගෙවිය යුතු බවට නියෝග කළේ ය. ඒ අනුව සමස්ත වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකකි.
  3. මෙම නියෝගයේ පිටපතක් වහා ම පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණ ලේඛකාධිකාරීවරයාට නියම කෙරිණි.

මෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න, මෙම නියෝගය ලබා දුන්නේ පොලිස් නිලධාරීන්ගේ වැරදි පුරුදු නිවැරදි කිරීමට මිස ඔවුන් විනය ක්‍රියාමාර්ගවලට යටත් කිරීමට නොවන බවත්, යම් හෙයකින් මෙම පහළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නේ නම්, මෙවැනි වැරදි වැටලීම් සහ ‘ටාගට්’ ලබා දෙමින් ඔවුන් මෙහෙයවූ ඉහළ සිට සියලු ම නිලධාරීන් ද ඊට වගකීමට යටත් කළ යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමෙරිකානු අරමුදල් සහිතව යුක්රේනය ජීව විද්‍යාත්මක අවි වැඩසටහනක… සාක්ෂි ඇති බව රුසියාව කියයි!

Next Post

චීන්නුන්ගෙන් කප්පම් ගන්න ගිය වැලිකඩ OIC රිමාන්ඩ්!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.