ලලිත් චාමින්ද
සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සඳහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096ක් පවරා ඇති බැව් ජාතික විගණන කාර්යාල පවසයි.
මින් රුපියල් මිලියන 2,420ක් අයකරගැනිම සඳහා පවරනු ලැබු නඩු 4,381ක් අක්‍රිය තත්ත්වයේ පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රුපියල් මිලියන 1,232ක් අයකරගැනිම සඳහා පවරනු ලැබු නඩු 2138ක් විවෘත වරෙන්තු තත්ත්වයේ පැවතුණි.
බාහිර ආයතන විසින්ද සේවක අර්ථසාධක අරමුදලට එරෙහිව රුපියල් මිලියන 201.3ක් ඉල්ලුම්කර නඩු 62ක් අධිකරණයේ පවරා තිබුණි. අවශ්‍ය කටයුතු කර හිග මුදල් අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.







