අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චින සංචාරයෙන් පැය කීපයකට පසු ආරක්ෂක මණ්ඩලය රහසේ රැස් කළ ට්‍රම්ප් ඉරාන යුද්ධය අලුතින් අරඹන්න සූදානමක!

by editor
මැයි 18, 2026
in පුවත්
trump
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන – 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඔහුගේ ජාතික ආරක්ෂක කණ්ඩායමේ ඉහළ පෙළේ සාමාජිකයින් හමුවී ඉරාන යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බව සිද්ධියට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරයි.

මෙම සාකච්ඡාව පැවැත්වී පැය විසිහතරක් ගතවීමට මත්තෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ටෙහෙරාන් පාලනය “ඉතා වේගයෙන් පියවරක් ගත යුතු බවත්, නැතහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි නොවනු ඇති බවත්” ය.

“ඉරානයට තබා ඇති කාලය වේගයෙන් අවසන් වෙමින් පවතිනවා. ඔවුන් ඉතා වේගයෙන් ක්‍රියාත්මක විය යුතුයි. නැතහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. කාලය ඉතාමත් වටිනවා!” යැයි ට්‍රම්ප් ඉරිදා දිනයේදී ඔහුගේ ටෲත් ෂෝෂල් ගිනුමේ  සටහනක් තබමින් අවධාරණය  කළේය.

වාර්තා වන පරිදි, වර්ජිනියා හි පිහිටි ජනාධිපතිවරයාට අයත් ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ පැවැති මෙම හදිසි හමුව සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance), රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio), සීඅයිඒ (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් (John Ratcliffe) සහ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) යන ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

චීනයේ සිට පැමිණි වහාම යුද සැලසුම ක්‍රියාත්මකයි

ඉරානය සමඟ සමීප සබඳතා පවත්වන චීනයේ සිදුකළ තීරණාත්මක සංචාරය නිමා කර ට්‍රම්ප් වොෂින්ටනයට පැමිණ පැය කිහිපයකින් මෙම රැස්වීම කැඳවා තිබීම විශේෂත්වයකි.

රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සම්බන්ධයෙන් ටෙහෙරාන් පාලනය කටයුතු කරන ආකාරය පිළිබඳව ට්‍රම්ප් දැඩි නොසන්සුන්තාවයකින් පසුවන අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දිගින් දිගටම වසා තැබීම සහ එමඟින් ගෝලීය තෙල් මිලට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ඔහු දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඇමෙරිකානු ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය දැනට ප්‍රතික්ෂේප කර ඇත.

චීන නායක ෂී ජින්පින්ග් සහ ට්‍රම්ප් අතර පැවැති සාකච්ඡා වටවල ප්‍රගතිය දෙස බලා ඉරානය සම්බන්ධයෙන් ඉදිරි පියවර තීරණය කිරීමට බලාපොරොත්තු වූ බැවින්, බීජිං සංචාරය අතරතුර ටෙහෙරානය සම්බන්ධයෙන් ස්ථිර තීන්දුවක් ගැනීමෙන් ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම වැළකී සිටි බව පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකු CNN වෙත පවසා තිබේ.

යුද්ධය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට ට්‍රම්ප් වැඩි කැමැත්තක් දැක්වුවද, ඉරානය එකඟතාවයකට පැමිණීමට බලකිරීමේ පියවරක් ලෙස එරට තුළ යළිත් මහා පරිමාණ මිලිටරි මෙහෙයුම් ආරම්භ කිරීම කෙරෙහි ට්‍රම්ප්ගේ අවධානය දැඩිව යොමුව ඇති බව මීට පෙරද වාර්තා විය. මේ සතියේ මුල් භාගයේදී ට්‍රම්ප් සිය ජාතික ආරක්ෂක කණ්ඩායම සමඟ ඉරාන යුද්ධය පිළිබඳව නැවත වරක් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

එමෙන්ම, ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට තීරණය කළහොත් ක්‍රියාත්මක කිරීම සඳහා, ඉරානයේ බලශක්ති සහ යටිතල පහසුකම් ඉලක්ක කරගත් හමුදා ප්‍රහාරක සැලසුම් මාලාවක් පෙන්ටගනය විසින් දැනටමත් සූදානම් කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. සෙනසුරාදා පැවැති මෙම රහසිගත රැස්වීම පිළිබඳව මුලින්ම වාර්තා කර තිබුණේ Axios පුවත් සේවයයි.

ඉරිදා ඊශ්‍රයාලය සමග කළ සාකච්ඡාව

මේ අතර, ට්‍රම්ප් ඉරිදා දිනයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟද දුරකථන සාකච්ඡාවක නිරත වී ඇති බව ඊශ්‍රායල ප්‍රකාශකයෙකු සහ ඇමෙරිකානු නිලධාරියෙකු තහවුරු කර ඇත.

කෙසේ වෙතත්, ඉරාන පාර්ශවයේ ඉහළ නිලධාරීන් කිසිවෙකුත් මෙතෙක් පසුබැසීමේ ලකුණු පෙන්වා නැත. ඉරාන මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි (Mohsin Naqvi) ඉරිදා දිනයේදී ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ඇති බවය. ඇමෙරිකා – ඉරාන සාම සාකච්ඡා වලදී ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්ථානයයි.

එම සාකච්ඡා අතරතුරදී ටෙහෙරාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මැදපෙරදිග කලාපය තුළ ඇමෙරිකානු හමුදා රැඳී සිටීම කලාපීය අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව වී ඇති බවය. ඉරානයට සම්බන්ධ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සියට අනුව ජනාධිපති පෙසෙෂ්කියන් පවසා ඇත්තේ, “ඉරානය කලාපයේ ඉස්ලාමීය රටවල් සමඟ යහපත් අසල්වැසි සබඳතා මත පදනම් වූ අවංක, ස්ථාවර සබඳතා අපේක්ෂා කරන නමුත්, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සැමවිටම උත්සාහ කරන්නේ බෙදීම් ඇති කරන ව්‍යාපෘති සහ අවිශ්වාසය වර්ධනය කිරීම හරහා ඉස්ලාමීය ජාතීන් එකිනෙකාට එරෙහිව ගැටීමට සැලැස්වීම” බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 60කට වැඩි පිරිසකට ක්ෂය රෝගය… දැනට රොගය පැතිරීමේ අවදානමක් නැති බව බන්ධනාගා අධිකාරිය කියයි!

Next Post

ට්‍රම්ප්ගේ යුධ තර්ජන හමුවේ ට්‍රම්ප්ගේ  විකටයෙක් කරමින්  ඉරානයෙන් නැගෙන  සාහිත්‍යමය ප්‍රතිරෝධය! 

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.