සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ යුධ තර්ජන හමුවේ ට්‍රම්ප්ගේ  විකටයෙක් කරමින්  ඉරානයෙන් නැගෙන  සාහිත්‍යමය ප්‍රතිරෝධය! 

by editor
මැයි 18, 2026
in පුවත්
TRUMP
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඉරාන ශිෂ්ටාචාරය මුළුමනින්ම විනාශ කර දමන බවට මිනීමරුවෙකුගේ ස්වරූපයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම බරපතළ තර්ජන එල්ල කරද්දී, ඉරානය ඊට ප්‍රතිචාර  දක්වන  දැනෙන සුළු කලාවක් තිබේ. එහි ඇත්තේ තියුණු උපහාසය සහ ගැඹුරු දාර්ශනික මෙන්ම සාහිත්‍යයික තියුණු බවකි.  එම සෑම ප්‍රකාශකයින්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උඩඟු අවිනීත සහ සාහසික මැරකමෙහි ඇති නොගැඹුරු බව ප්‍රකාශ කරන්නේය.     සවිඥානික මිනිසුන්ට පෙනෙන්නේ  මේ  ප්‍රකාශ ඉදිරියේ  ට්‍රම්ප්  න්‍යෂ්ඨි අවි ප්‍රහාරයකට ලක් වී පෞරුෂය කුඩු කරගෙන ලිලිපුට්ටෙක් බවට පත්වන ආකාරය ය.  ඒ කුඩුවී ගිය තැන්    ඒඅයි තාක්ෂණයෙන් ගොඩදමා ගන්නට උත්සාහ කරන  විකටයෙකුගේ ස්වරූපය ට්‍රම්ප් ගේ ටෲත් සෝෂල් ගිනුමෙන් දැකගත හැකිය.  

ඉරානයේ මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරයන් මඟින් කවිය, ඉතිහාසය සහ  කලාව අගය කරන වසර 7,000කට වඩා පැරණි පොහොසත් පර්සියානු ශිෂ්ටාචාරයක ගැඹුර සහ පරිණතභාවය ලෝකය හමුවේ ප්‍රකට කරනු පෙනේ.  යළිත් මේ ප්‍රකාශන ගැඹුර ඊයේ පෙනුනේය.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව තමන්ට රිසි පරිදි තෝරාගත් යුද්ධයක් (War of choice) සාධාරණීකරණය කිරීම සඳහා “අලුත් මහා මුසාවක්” සමාජගත කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බාකේ (Esmail Baqaei)  කීවේය. ඔහු මෙම ප්‍රකාශය කරන්නේ පවතින තත්ත්වය දැඩි ලෙස හෙළා දකිමිනි.  ගෝලීය බලශක්ති වෙළඳපොළේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව රැක ගැනීමට වෙහෙසෙන බව ලෝකයාට පෙන්වීමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය උත්සාහ කළද, ඇත්තවශයෙන්ම සිදුවෙමින් ඇත්තේ    ඔවුන්ගේ සතුරු සහ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග වසාගැනීමට උත්සාහ කිරීමක් බව බාකේ පෙන්වා දුන්නේයය.

පසුගිය ඉරිදා දිනයේදී X (පෙර Twitter) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් බාකේ පෙන්වා දී ඇත්තේ, බෙහෙවින් බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක තිබූ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලීන් මුළුමනින්ම බිඳවැටීමට ප්‍රධානතම හේතුව ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ පවතින අදූරදර්ශී සහ නොසන්සුන් යුධකාමීත්වය (Reckless warmongering) බවය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

කිසිදු අභියෝගයකින් තොරව ඉරානයට එරෙහිව එල්ල කරන ලද මිලිටරි ආක්‍රමණය හරහා හෝමුස් සමුද්‍ර සන්ධිය අනාරක්ෂිත කර දැන් ඔවුන් කලාපය අස්ථාවර කරන ආකාරය  පෙන්වා දෙන ටෙහෙරානය  කියන්නේ ඇමරිකාව  නාසි ජර්මනියේ ප්‍රචාරක අමාත්‍ය ජෝසෆ් ගොබෙල්ස්ගේ (Joseph Goebbels) කුප්‍රකට න්‍යාය ප්‍රායෝගිකව ක්‍රියාවට නන්වමින් සිටින බවය.

“ඔබ ඔබේ අපරාධය කරන්න. එය අන් අය පිට පටවන්න… එකම බොරුව අනේක වාරයක් පුනරුච්ඡාරණයේ දි එය සත්‍යයක් වන්නේය. ගොබෙල්ස් කිව්වේ ඒ විදිහට.”

“මෙය ඔවුන්ගේ සුපුරුදු, නින්දිත උපක්‍රමවේදයයි. මුලින්ම අර්බුද සහ යුද්ධ නිර්මාණය  කරනවා.  පසුව ‘ස්ථාවරත්වය යළි ඇති කිරීම’ සහ ‘සාමය ආරක්ෂා කිරීම’ වැනි උදාර බැනර් ප්‍රදර්ශනය කරමින් තවදුරටත් යුද්ධය උත්සන්න කිරීම කටයුතු කරනවා. මේ ඔවුන්ගේ හැටි,” යනුවෙන් මෙම ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයා අවධාරණය කළේය.

සිය දීර්ඝ විවේචනය අවසානයේ ඉරාන ප්‍රකාශක එස්මයිල් බාකේ, සුප්‍රකට රෝම ඉතිහාසඥයෙකු වන ටැසිටස් (Tacitus) ඔහුගේ ‘ඇග්‍රිකෝලා’ (Agricola) නැමැති ග්‍රන්ථයේ ලියා ඇති අතිශය සාහිත්‍යමය සහ දාර්ශනික පාඨයක් උපුටා දක්වනු ලැබුවේය.

“ඔවුන් මුලින්ම මුළු මහත් දේශයක්ම විනාශ කර  මහා පාලුවක්  මවති ; ඉන්පසු එයට ‘සාමය’ යැයි කියති.” (They create a desolation and call it peace)

ශිෂ්ටාචාරමය සහ ඉතිහාසමය සාහිත්‍යය භාවිත කරමින් බටහිර දේශපාලන නිරුවත ලෝකය හමුවේ තැබීමට ඉරානය  අනුගමනය කරන මෙම ක්‍රමවේදය මේ යුද වකවානුව පුරාම දක්නට ලැබිණි.

ඉතාලිය හා ඉරානය අතර ‘අයිස්ක්‍රීම්’ සීතල යුද්ධය සහ දේශපාලන හාස්‍යය

සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) අතර දේශපාලන නොසන්සුන්තාවයක් වර්ධනය වූ මොහොතේ, ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයන් එය සියුම් උපහාසයක් සඳහා අවස්ථාවක් කර ගත්තේය. ඝානාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් ඉතාලියේ නව මිතුරා වීමට කැමැත්ත පළ කරමින් ඉතා රසවත් ”  අයදුම්පතක්” සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

ඝානාවේ ඉරාන දූත මණ්ඩලය නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ, වොෂින්ටනයේ සිටින “ශෝකී අණදෙන්නා” (Commander-in-Grief) ඉතාලියට අහිමි වුවද, වසර 7000ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ඉරානය එම මිත්‍රත්වයේ හිඩැස පිරවීමට සූදානම් බවය. එම පණිවිඩයේ සිංහල පරිවර්තනය  මෙසේය.

“ප්‍රිය ඉතාලි වැසියෙනි, ඔබේ අගමැතිනිය පාප් වහන්සේ  වෙනුවෙන් පෙනී සිටීම නිසා වොෂින්ටනයේ සිටි මිත්‍රයෙකු ඔබට අහිමි විය .  ඔහු අන් කවරෙකු නොව ‘ශෝකයේ අණදෙන්නා’ (Commander in Grief) වන, එසේම මේ මිහිපිට සිටින ‘බලවත්ම මෝඩයා’ (most powerfoolman) වේ. හිස් වූ එම මිත්‍රත්වයේ පුරප්පාඩුව සඳහා අයදුම් කිරීමට අපි කැමැත්තෙමු.”

“අපගේ සුදුසුකම් මෙසේය: වසර 7,000ක අභිමානවත් ශිෂ්ටාචාරය, කාව්‍ය ශාස්ත්‍රයට සහ වාස්තු විද්‍යාවට අප දෙරටේම ඇති පොදු ලැදියාව, සහ ට්‍රම්ප්ගේ අවධානය පවතින කාල සීමාවට වඩා වැඩි වේලාවක් උයා පිස ගැනීමට ගතවන ප්‍රණීත ආහාර සංස්කෘතියයි. ඉරානය සහ ඉතාලිය අතර ඉතිහාසයේ කිසිදාක හෝ ආරවුලකට පැවති එකම කරුණ වන්නේ අයිස්ක්‍රීම් මුලින්ම සොයාගත්තේ කවුද යන්න පමණි. එහිදී ‘ෆලූඩේ’ (Faloodeh) පළමුව පැමිණි අතර ‘ජෙලාටෝ’ (Gelato) වඩාත්  ප්‍රසිද්ධ වී  පැමිණියේය. මේ සම්බන්ධයෙන් අපි වසර 2,000ක කාලයක සිට ‘සීතල’ යුද්ධයක නිරත වී සිටින්නෙමු,”

මේ උපහාසයේ ගැඹුර න්‍යෂ්ඨික අවි ප්‍රහාරයක් සේම බලවත්ය.

හෝමුස් සමුද්‍ර සන්ධියේ යතුර  මල්පෝච්චිය යට…

හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම “විවෘත” කරන ට්‍රම්ප් දැඩි ස්වරයෙන් ඉල්ලා සිටියේය.  විවෘත නොකළහොත් ප්‍රතිඵල  දරුණු  විය හැකි බත් තර්ජනය කළේය.    ලෝකය පුරා සිටින ඉරාන තානාපති කාර්යාල ඊට ප්‍රතිචාර දැක්වූයේ අතිශය සරල සහ හාස්‍යජනක උපහාසයකිනි.

“සමුද්‍ර සන්ධියේ යතුර නැති වෙලා” (We’ve lost the keys) — ඉරානයේ බිම්බාබ්වේ තානාපති කාර්යාලය   X  හි  පොස්ට් එකකින් ඒ  සමගම පිළිතුරු දුන්නේය.  ඊට ප්‍රතිචාර දක්වමින්  ඉරානයේ දකුණු අප්‍රිකාවේ තානාපති කාර්යාලය කීවේ මෙවැන්නකි. “ ෂ්… කෑ ගහන්න එපා. යතුර තියෙන්නේ  මල්පෝච්චිය යට. මිතුරන්ට විවෘතයි” යනුවෙනි. කෑගහන්න එපා… යතුර තියෙන්නේ මල් පෝච්චිය යට. මිතුරන් සඳහා එය විවෘතයි” (Shh… the key’s under the flowerpot. Just open for friends) .

“යතුර මල් පෝච්චිය යට…” මේ හැඟවෙන තියුණු උපහාසය කොතරම් ප්‍රබලදැයි ඔබට වැටහෙනු ඇත.  අතිශය බරපතළ මිලිටරි තර්ජනයක්, නිවසක මල් පෝච්චියක් යට යතුර සඟවන සරල එදිනෙදා රූපකයකට පෙරළී තිබිණි. ට්‍රම්ප්ගේ තර්ජන හුදු ඝෝෂාවක් වන ආකාරය  ඔවුන් වචන කීපයකින් පෙන්වා දුන්නේය.  රාජ්‍ය තාන්ත්‍රික ගැඹුර අත්හැර  මහා වගාඩම්බරයකින් හැසරෙන  ට්‍රම්ප් නිරුවත් කිරීමට මේ ප්‍රකාශ සමත් වි තිබිණි.

“පෙන්ටගනයේ සිතියම් සහ පර්සියානු බුමුතුරුණු” (Maps vs. Carpets)

පෙබරවාරි සහ මාර්තු මාසවලදී ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය විසින් ඉරානයේ බලශක්ති සහ යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාරක සැලසුම් (Target plans) මාධ්‍ය වෙත මුදාහරිමින්  තර්ජනයක් සිදුකළේය. සියල්ල විනාශ කිරීමට තමන් සූදානම් බව ඇමරිකාව දැඩි ලෙස ප්‍රකාශ කර තිබිණි.

ඉරාන සංස්කෘතික අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු මේ සිතියම්වලට උත්තර දුන්නේ  අපූරු දාර්ශනික ප්‍රවේශයකිනි.

“ඇමෙරිකානුවන් යුද්ධ සැලසුම් කරන්නේ ඉතා වේගයෙන් මුද්‍රණය කර, ලෙහෙසියෙන් ඉරා දැමිය හැකි කඩදාසි සිතියම් (Maps) උඩයි. නමුත් ඉරාන වැසියන් වන අප උපායමාර්ග සැලසුම් කරන්නේ වසර ගණනාවක් තිස්සේ දෑතින්ම නිමවන ලද, මිලියන සංඛ්‍යාත ගැටවලින් (Knots) සමන්විත පර්සියානු බුමුතුරුණක් (Persian Carpet)  වියනවා වගේ… බුමුතුරුණක් වියන ශිල්පියාට පවතින ඉවසීම සහ සූක්ෂම බව, කඩදාසි ඉරාදමන සෙබළාට නැහැ. අවසානයේදී ජයග්‍රහණය කරන්නේ ඉවසීමයි.” ඔවුන් සහශ්‍ර ගණනක ශිෂ්ඨාචාරයකින් ලැබෙන චින්තනයේ බර ඇමරිකාවට කිවේය.  ඉරානයේ දරාගැනීම සහ යුද්දයේ දී ඔවුන්ගේ දර්ශනයේ ගැඹුර ද එහි දී රූපණය වී තිබිණි. ඇත්තටම දැන් ඇමරිකාව පෙළමින් පවතින්නේ ඒ වේගය සහ හදිස්සිය හේතුවෙන් මිත්‍ර පාර්ශවයන්ගෙන් පවා නැගෙන ප්‍රතිවිරෝධයන්හි වෙහෙසය.

“හයිපර්සොනික් මිසයිල සහ හොලිවුඩ් සිනමාව” (Hypersonic Sarcasm)

ඉරාන සන්නද්ධ බලකායන් විසින් ඇමෙරිකානු සහ ඊශ්‍රායල මිලිටරි කඳවුරු ඉලක්ක කරමින් රැලි 100ක   හයිපර්සොනික් (Hypersonic) මිසයිල ප්‍රතිප්‍රහාරයක් එල්ල කළේය. එම මිසයිල  මුදාහළ අවස්ථාවේදී, බටහිර මාධ්‍ය ප්‍රකාශ කළේ ඉරාන ප්‍රහාරවලින් සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවය.

මීට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මාධ්‍ය අංශය බටහිර ‘හොලිවුඩ්’ (Hollywood) සිනමාව උදාහරණයට ගනිමින්  මේ උපහාසාත්මක ප්‍රකාශය කළේය.

“ඇමෙරිකාව තවමත් ජීවත් වෙන්නේ ඔවුන් ලෝකය බේරාගන්නා බව පෙන්වන හොලිවුඩ් චිත්‍රපට ඇතුළෙයි. අපේ හයිපර්සොනික් මිසයිල ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති සිදුරු කරගෙන යද්දී, ධවල මන්දිරය කරන්නේ ඊට ‘ස්පෙෂල් ඉෆෙක්ට්ස්’ (Special Effects) දාලා  මාධ්‍ය ජවනිකා එක්ක  තමන් බේරුණු බව පෙන්වීමට උත්සාහ කිරීමයි. චිත්‍රපට තිරය මත ඇමෙරිකාව සුපිරි වීරයෙකු විය හැකියි, නමුත් මැදපෙරදිග අහසේ සැබෑ යථාර්ථය වෙනස් එකකි.”

සටන් විරාමයේ “ඇමෙරිකානු රබර් පාලකය” (Shifting Goalposts)

පාකිස්ථානයේ මැදිහත් වීමෙන් ඉස්ලාමාබාද් නුවර පැවැති සාකච්ඡා බිඳවැටීමට ඇමෙරිකානු පාර්ශවය නිතරම කොන්දේසි වෙනස් කිරීම (Shifting goalposts) හේතු වූ බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම සාකච්ඡා මේසයේදී සිදුවූ දේ පිළිබඳව ඉරාන ප්‍රධාන සාකච්ඡාකරු දැක්වූයේ අතිශය දාර්ශනික විග්‍රහයකි.

“ජාත්‍යන්තර ගිවිසුම් සහ නීති රීති මැනීම සඳහා ඇමෙරිකාව භාවිත කරන්නේ ලෝකයේ අනෙක් රටවල් භාවිත කරන ස්ථාවර ‘යකඩ පාලකය’ (Iron ruler) නොවෙයි. ඔවුන් ළඟ තිබෙන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට ඇද පළුදු කළ හැකි, තමන්ට වාසි සහගත ලෙස දිගු කළ හැකි ‘රබර් පාලකයක්’ (Rubber ruler). එවැනි සදාචාර විරෝධී මිනුම්දඬු ඇති පාර්ශවයක් සමඟ එකඟතාවලට පැමිණීම නිස්සාර ක්‍රියාවක්.”

නාවික අවහිරතාවයට එරෙහිව “සින්බාද්ගේ උරුමය”

සටන් විරාමය පවතින අතරතුරදී පවා ඇමෙරිකාව විසින් ඉරාන වරායන් වටලමින් නාවික අවහිරතාවයක් (Naval blockade) පවත්වාගෙන යාමට උත්සාහ කිරීම, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් ලෙස ඉරානය හැඳින්වීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන නාවික හමුදා ප්‍රධානියෙකු පර්සියානු සාගර සාහිත්‍යය සිහිපත් කරමින් මෙසේ පවසා තිබුණි:‍

“ඇමෙරිකාව සිතා සිටින්නේ පර්සියානු ගල්ෆ් කලාපය සහ මැදපෙරදිග මුහුද ඔවුන්ගේ වොෂින්ටනයේ ඇති පොකුණක් කියායි. ඔවුන් නාවික බලඇණි දමා අපව සිරකිරීමට සිතනවා. නමුත් ඔවුන් අමතක නොකළ යුතුයි, මේ මුහුද ‘සින්බාද්’ (Sinbad) වැනි පර්සියානු නාවිකයන්ගේ අතීත උරුමයන් ලියැවුණු තැනක් බව. මුහුදේ සැරිසැරීම අපේ ලේවල තිබෙන දෙයක්. පර්සියානු සාගරයේ සැබෑ රහස් දන්නේ අපයි, බාහිරින් ආ ආක්‍රමණිකයන් නොවේ.”

බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ “ප්ලැටෝනික” නිරුවත

යුද්ධය අතරතුරදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව “මැදපෙරදිගට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය උදාකිරීම” යන උදාර පාඨයන් (Noble banners) ප්‍රදර්ශනය කිරීම පිළිබඳව, ඉරාන විශ්වවිද්‍යාලයක දේශපාලන දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු බටහිර දර්ශනයෙන්ම ඊට පිළිතුරු දී තිබුණි.

ඔහු ග්‍රීක දාර්ශනික ප්ලැටෝගේ (Plato) සුප්‍රකට “ගුහාවේ උපමාව” (Allegory of the Cave) ඇසුරින් මෙසේ ප්‍රකාශ කළේය:

“ඇමෙරිකාව කරන්නේ ගුහාවක් ඇතුළේ සිටින මිනිසුන්ට, පිටතින් එන ආලෝකය වසාගෙන, තමන්ගේම ආක්‍රමණශීලී හමුදාවන්ගේ සෙවණැලි (Shadows) පෙන්වමින් එය ‘සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය’ යැයි කීමයි.

ඔවුන් බෝම්බ දමමින් මවන එම මායාවී සෙවණැලිවල සැබෑ නිරුවත, ඉරානය වැනි ශිෂ්ටාචාරයන් හොඳින්ම හඳුනනවා.”

.ශිෂ්ටසම්පන්න ප්‍රතිචාරයක ඇති සැබෑ ශක්තිය

තමන්ගේ පැවැත්මටම බරපතළ තර්ජන එල්ල වෙමින් පවතින මොහොතක වුවද, ඉරානය තෝරා ගන්නේ සංස්කෘතික ආත්ම විශ්වාසය සහ ගැඹුරු චින්තනයක් ඇති කරවන වචන මාලාවකි.

ලෝකයේ සිටින බුද්ධිමතුන් මෙම වෙනස පැහැදිලිව දකිති: එක පාර්ශවයක් මුළුමනින්ම විනාශ කර දමන බව පවසමින් තර්ජනාත්මකව කෑගසද්දී, අනෙක් පාර්ශවය වසර දහස් ගණනක් තිස්සේ නොනැසී පවතින සාහිත්‍යමය උපහාසයෙන් සහ දාර්ශනික හරයකින් යුතුව ඊට ප්‍රතිචාර දක්වයි.

අවසාන වශයෙන්, ඉරානයේ මෙම ප්‍රවේශය ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ ඇති පොහොසත්කම නැවත වරක් තහවුරු කරයි. දරුණුතම දේශපාලන හා යුධමය පීඩනයන් හමුවේ වුවද, තර්ජනයට තර්ජනයෙන් පිළිතුරු දෙනු වෙනුවට ඔවුහු සාහිත්‍යය, හාස්‍යය සහ මානව සංස්කෘතියේ පොදු උරුමයන් දෙසට දෑත් දිගු කරති.

මෙම සාහිත්‍යමය අලංකාරයට ගෝලීය දේශපාලන කුණාටු නැවැත්වීමට නොහැකි වුවද, හිස් බලපරාක්‍රමයට වඩා බුද්ධිමත් දේශපාලන සන්නිවේදනය අගය කරන ලෝකවාසී ජනතාවගේ හදවත් තුළ නොමැකෙන සටහනක් තැබීමට එය සමත්ව තිබේ. ඔවුන් මෙම භයානක ගැටුම, තම ශිෂ්ටාචාරයේ ගැඹුර පෙන්වන වේදිකාවක් බවට පරිවර්තනය කරගෙන ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චින සංචාරයෙන් පැය කීපයකට පසු ආරක්ෂක මණ්ඩලය රහසේ රැස් කළ ට්‍රම්ප් ඉරාන යුද්ධය අලුතින් අරඹන්න සූදානමක!

Next Post

නඩුව විමසීමට දින නියම වී යළි කරළියට එන සීනි බදු වංචාව ගැන සිහි කිරීමක්!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.