අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
- ඒ අනුව ලංකා පෙට්‍රල් – 92 ඔක්ටේන් (රු. 365) ලීටරයක් රුපියල් 9 කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 356කි.
- ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 (රු. 420) ලීටරයක් රුපියල් 3 කින් වැඩි වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 423කි.
- ලංකා ඔටෝ ඩීසල් (රු. 351) ලීටරයක් රු. 5 කින් වැඩි වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 356 කි.
- ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 (රු. 421) ලීටරයක් රුපියල් 10 කින් වැඩි වන අතර එහි නව සිල්ලර මිල රු. 431 කි.
- ලංකා භූමිතෙල් (රු. 242) ලීටරයක් රු. 7 කින් වැඩි වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 249 කි.
- ලංකා IOC සමාගම ද ඊට සාපේක්ෂව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.









