අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් වීම නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇතැය ි ඔහුගේ දියණිය විසින් ගොනුකළ පැමිණිල්ල සම්බන්ධව යමක් ප්‍රකාශ කළ හැක්කේ ඒ පිළිබඳව සිදුකරන විධිමත් විමර්ශනයකින් පසුව බව ඒ සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.
කෙහෙළිය රඹුක්වැල්ලගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව තිබෙන බවට සැලකිය හැක්කේ ඔහු අත් අඩංගුවට ගැනිම සඳහා ප්‍රමාණවත් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වුවහොත් බව ද කොමසාරිස්වරයා පැවසුවේය.
ආබාධ සහිත තැනැත්තන්ගේ ප්‍රවේශ පහසුකම් විගණනය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවක් කිරීම වෙනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කළ වැඩමුලුවක් අමතමින් ඔහු අද (01) මේ බව ප්‍රකාශ කළේය. ්
බාල ඖෂධ ගෙන්වා ජනතාවගේ මානව හිමිකම උල්ලංඝනය කිරීම පිළිබඳව ජනතා පැමිණිල්ලකින් තොරවම මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කී කොමසාරිස්වරයා සමාජය තුළ මහත් ආන්දෝලනයටකට හේතුවන කරුණක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොමැතිව වුවද මානව හිමිකම් කොමිෂන් සභාවට විමර්ශනයක් සිදු කිරීමේ බලතල ඇතැයි පැවසුවේය.