අද (11) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන මහලින් පැන සිය දිවි නසා ගත් බවට සැක කෙරෙන කාන්තාව උඩ සිට බිමට පැන ඇත්තේ හම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා වෙන් කළ වැසිකිලියක ජනේලයකින් බව වාර්තා වේ.
මෙම කාන්තාව රැගෙන ගොස් ඇත්තේ සාමාන්‍ය රැඳවියන් භාවිතා කරන වැසිකිළියකට නොවීම සැකයකට තුඩු දෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළත් මේ වනවිට යම් කථිකාවක් ඇති වී තිබේ.
ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබුණේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 700කට ආසන්න මුදල් වංචාවක්ට අදාල සිද්ධියක් සම්බන්ධයෙනි.
ඇය ව්‍යාජ සමාගම් නමින් හා මිය ගිය පුද්ගලයන්ගේ හැඳුනුම්පත් සකස් කරගෙන ව්‍යාජ අනන්‍යතා පෙන්වමින් මෙම මුදල් වංචාව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවට මේ වනවිට තොරතුරු හෙළිදරවු වෙමින් ඇතැයි පොලිසිය කියයි.
මේ වංචාව සිදුවී ඇත්තේ බැංකුව අභ්‍යන්තරයේ ඉහළම තලවල අනුදැනුම මත බවට විමර්ශකයන්ට සැක පහළ වී ඇත. ඒ ඔස්සේත් විමර්ශන මෙහෙයවමින් ඇතැයි වාර්තා වේ.