ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ Achievers Awards 2023 සම්මාන උළෙලේදී ලෝකඩ හා කුසලතා සම්මානවලින් පිදුම් ලැබීය.
ජාතික ආර්ථිකය නැංවීමට සුවිශේෂ දායකත්වයක් සපයන කර්මාන්තකරුවන් අගයන මෙම සම්මාන උළෙල කොළඹ ගලදාරි හෝටලයේදී පසුගියදා පැවැත්විණි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා Brilliant Cuts සමාගම සතු නොසැළෙන කැපවීම මෙම සම්මානය ලැබීම තුළින් වඩාත් තහවුරු වී ඇත.
Brilliant Cuts සමාගම හරහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සුවිශාල මෙහෙවරක් ඉටු කරන වින්ධ්‍යා පෙරේරා මහත්මිය මීට පෙරද දේශීය සහ විදේශීය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. වසරේ ව්‍යවසායිකාව, වසරේ තරුණ ව්‍යවසායිකාව හා වසරේ කැපී පෙනෙන තරුණ ව්‍යවසායිකාව වැනි සම්මාන සහ NCE, CNCI සම්මාන රැසක් ඒ අතර වේ.
සිය ව්‍යාපාරය අන්තර්ජාතික වශයෙන්ද ව්‍යාප්ත කරමින් Brilliant Cuts සමාගම වර්තමානයේදී ඩුබායිහි මැණික් කපා ඔප දැමීමේ ආයතනයක් අරඹා ඇත. එමඟින් මැණික් කර්මාන්තය පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා සැපයීමටද සමාගම කටයුතු කර තිබේ.







