අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

BMICH කාර්යාල පරිශ්‍රය තුළ දී කෝටි හතර හමාරක් වංචා කර පලා ගිය වංචාකරුවෙක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි…

by editor
දෙසැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේ කාර්යාල පිහිටි ගොඩනැගිලි පරිශ්‍රය තුළ අද (20) රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක වංචාවක් සිදුකළ පුද්ගලයෙක් සම්බන්ධව මේ වනවිට විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කෝටිපති වාහන ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් පසුගිය 11 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේ පිහිටි කාර්යාල පරිශ්‍රයෙන් කාර්යාල කුටි දෙකක් වෙන් කරගෙන තිබේ.

මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ කෝටිපති වාහන ව්‍යාපාරිකයෙක් ලෙසය.  බදුල්ලේ ලිපිනයය පදිංචි 51 හැවිරිදි මේ තැනැත්තා කාර්යාල පරිශ්‍රයේ කටයුතු ආරම්භ කිරීමත් සමග විශේෂ සේවක පිරිසක් ද බඳවාගෙන ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.

ඔහුගේ පළමු ව්‍යාපාර කටයුත්ත වී ඇත්තේ ජිප් රථ දෙකක් අලෙවි කිරීමය. වෙළෙඳපළේ කෝටි හයකට වඩා වටිනාකමකින් යුතු ජිප් රථ දෙක සම්මන්ත්‍රණ ශාලා රථ ගාලේ තිබී ඇති අතර වාහන දෙක මූලිකව පරීක්ෂා කිරීමට මීට පෙර දිනක ගැනුම්කරුවන් දෙදෙනෙක් පැමිණ ඇත. වාහන පරීක්ෂා  කිරීමෙන් අනතුරුව ගනුදෙනුවට එකඟ ඔවුන්  අද  වාහන දෙක කෝටි හතර හමාරක  අත් පිට මුදලට මිලදී ගැනීමට පැමිණ තිබේ. ගැනුම්කරුවන් දෙදෙනා   කොළඹ 15 සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ව්‍යාපාරිකයා ගැනුම්කරුවන් සුහද ලෙස පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරිම සඳහා සේවකයින්ට උපදෙස් දී මුදල් සහිත බෑගය සේප්පුවට දමා එන්නට යැයි පවසමින් කාර්යාලය ඇතුළට ගොස් ඇත.  ඒ වනවිට වෙලාව පස්වරු 12ට පමණ ඇති බව පැවසේ.

අනතුරුව පැය දෙකක් පමණ ගැනුම් කරුවන් දෙදෙනා ව්‍යාපාරිකයා කාර්යාල කාමරයෙන් එළියට එන තුරු බලාගෙන ඉඳ තිබේ.  ඔහු නැති තැන ගැනුම් කරුවන් කාර්යාල කාමරයට ගොස් බලන විට ඔහු එහි සිට නැත.

අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයා ලෙස පෙනී සිටි පුද්ගලයා කෝටි හතර හමාරක මුදල ද රැගෙන පලා ගොස් ඇති බවය. අලුතින් බඳවාගෙන සිටි කාර්යාල සේවකයින් සහ ඔහුගේ ආරක්ෂකයින් ලෙස සේවය කළ පුද්ගලයින් ද මේ තැනැත්තාගේ කිසිම තොරතුරක් දැනගෙන සිට නැත.

අනතුරුව සිද්ධිය සම්බන්ධව ගැනුම් කරුවන් දෙදෙනා පොලිසියට පැමිණිලි කර තිබේ.  ඒ අවස්ථාවේ දී හෙළි වී ඇත්තේ මෙම ජිප් රථ දෙක අන්තර්ජාලයේ අලෙවි කිරීමට දමා තිබුණ රථ දෙකක් බවය. වාහන දෙක හිමිකරුවන්  නියම කළ මිලට වඩා වැඩි මිලකට මිලදී ගැනීමේ පොරොන්දුව මත ව්‍යාජ ව්‍යාපාරිකයා එම වාහන    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාභූමියට ගෙන්වා රථ ගාලේ දින දෙකක් නවත්වා තබාගෙන ඇති බවය.

වාහන හිමියන්ට අත් පිට මුදලට වාහන මිලදී ගන්නා පොරොන්දුව මත වාහන ගෙන්වාගෙන වෙනත් පුද්ගලයින් දෙදෙනෙකුට එම වාහන පෙන්වා ඔවුන් රවටා ඔවුන්ගේ කෝටි හතර හමාරක මුදල රැගෙන මෙම පුද්ගලයා පලා ගොස් ඇති බව විමර්ශන අංශ කියයි.

කුරුඳුවත්ත  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු  පොලිස්පතිකමේ වැඩ බලන්නවත් සුදුසු නැත්තේ ඇයි?… නීතිඥ සංගමය හේතු ඇතිව ඇමති අමතයි!

Next Post

චීන වරාය ගුවන් හමුදා කඳවුර තුළ දී ගුවන් හමුදා සෙබලියක් දූෂණය කළ බවට චෝදනා ලද මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් වරයා රිමාන්ඩ්.

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.