බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම… චීවරධාරී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත් අඩංගුවට ගැනීමට නියෝග!

by editor
මැයි 8, 2026
in පුවත්
Pallegama-Hemarathana
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

  • දැරිය චීවරධාරියාට මුදලට විකුණා අපරාධයට ආධාර අනුබල දුන් දැරියගේ මව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරයි…

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනා මත අටමස්ථානාධිපති චීවරධාරී පල්ලේමග හේමරතන අත් අඩංගුවට ගැනිමට නියමිත බව පොලිසිය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මේ වනවිට දැරිය අපහරණය කිරිම සහ මුදලට විකිණීමේ චෝදනා මත වින්දිත දැරියගේ මව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.05.15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එමෙන්ම චීවරධාරී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මේ සිද්ධිය මුලින්ම හෙළිදරවු වන්නේ පසුගිය මාර්තු මස 06 වැනිදා බාල වයස්කාර දැරියක් අපරහරණය කර රඳවාගෙන සිටින බවට නිට්ටඹුව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයට අදාලව සැකකරු අත් අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය. වින්දිත බාල වයස්කාර දැරිය අධිකරණ නියෝග මත රාගම ළමා සුරක්ෂා මධ්‍යස්ථානයේ රඳවා ඉදිරි විමර්ශන පොලිසිය විසින් ආරම්භ කළේය.

එම විමර්ශනවලදී දැරිය හෙළිදරවු කරන්නේ තමන් මුලින්ම දූෂණය කළේ අත් අඩංගුවට පත් සැකකරු නොවන බවත් එය සිදුවන්නේ චීවරධාරී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන විසින් බවත්ය. දැරිය චීවරධාරියාගේ කාමුක අභිලාෂයන් සන්තර්පනය සඳහා ඔහු වෙත අලෙවි කර ඇත්තේ ඇයගේ මව විසින් බව විමර්ශනවලදී අනාවරණය විය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ ප්‍රකාශයත් සමග ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණය මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරීගේ ඍජු අධීක්ෂණයෙන් නිටටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ ළමා සහ කාන්තා කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණේය. රට පුරා මේ දක්වා ආන්දෝලනයට ලක් වී තිබුණේ මේ විමර්ශන සිද්ධිය ය.

විමර්ශන නිලධාරීන් ඒ අනුව දැරිය මුලින්ම  දූෂණයට ලක්වන චීවරධාරී පල්ලේගම හේමරතන කලින් අධිකාරිත්වය දැරූ රුවන්වැලි මහා සෑයේ ආවාසයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකරනු ලැබුවේය. අනතුරුව පුද්ගල විද්‍යාත්මක සහ පර්යේෂණ සාක්ෂි ලබා ගත්තේය.  අනතුරුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් මත නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරනු ලැබුවේය.

සිද්ධියේ වැඩි දුර විමර්ශන නිට්ටඹුව මූලස්ථාන පොලිස් සථානයේ විමර්ශන නිලධාරින් විසින් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කරන්නේ අද දිනයේ දී ය. වින්දිත දැරියගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීම සඳහා ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත අධිකරණය නියෝග ලබා දුන්නේ අදය.

නඩුවේ සැකකරුවන් ලෙස චීවරධාරී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නම් කරනු ලැබුවේය. වින්දිත දැරියගේ මවත් සැකකාරියක ලෙස නම් කළේය.

ඒ අනුව අටමස්ථානාධිපති චීවරධාරී පල්ලේගම හේමරතන අත් අඩංගුවට ගැනීමට නියමිතය. වින්දිත දැරියගේ මව දැරිය මුදලට විකිනීම සහ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධව අද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරන්නේය. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව නිකුත් කර ඇති නිල පොලිස් නිවේදනය ය.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අනාවරණය වන අලුත්ම තොරතුරු දැනගන්න!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.