බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අනාවරණය වන අලුත්ම තොරතුරු දැනගන්න!

by editor
මැයි 9, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, කොළඹ කොල්ලුපිටිය පෙඩ්රිස් මාවතේ පිහිටි 37/38 දරන  නිවසේ  දෙවන මහලේ කාමරයක් තුළ අද (08) උදෑසන මියගොස් සිටියදී සොයා ගත්තේය. අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටි ඔහු, මෙලෙස මියගොස් සිටියදී හමුවූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසකදීය.

කපිල චන්ද්‍රසේන අරවින්ද ද සිල්වාගේ මස්සිනාය. අරවින්දගේ බිරියගේ බාල නැගනියගේ සැමියා කපිල චන්ද්‍රසේනය. කපිල මෙම නිවසට එනනේ ඊයේ (07) සවස් භාගයේ ය. ඒ එම නිවසේ රැය පහන් කිරීම සඳහාය.

KAPILA-CHAN

දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන බන්ධනාගාරයෙන් නිදහස්වන්නේ දැඩි කොන්දේසි සහිත ඇප ලබාගෙනය. එහෙත් ඔහුට ඇප දෙන්නට ඉදිරිපත් වූ  පුද්ගලයින් දෙදෙනා රුපියල් 15000ක් ලබා දි කුලියට ගත් පුද්ගලයින් බව අල්ලස් කොමිසම හෙළිකරගැනීමත් සමග අධිකරණයේ විශ්වාසය කඩකිරීම මත අද දිනයේ දී කපිල අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.

ඔහු සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔහුග් සමීපතමයින් කීප දෙනෙක් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මුල් කරගත් නීති උපදේශන සැසියක් පැවැත්වූයේය. එහිදී නීතිඥ මතය වූයේ කපිල චන්ද්‍රසේන මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අද උදෑසන 7:30 ට පමණ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ නීතිඥ කණ්ඩායමේ සාමාජිකයකු කපිල නැවතී සිටි  නිවසට පැමිණ ඇත්තේ අද දිනට නියමිතව තිබූ අධිකරණ වාරයක් සම්බන්ධයෙන් ඔහු දැනුවත් කිරීම සඳහාය. එහිදී කාමරයේ දොර වසා තිබීම හේතුවෙන් නීතිඥවරයා සහ නිවසේ කාන්තාව එක්ව අමතර යතුරක් භාවිත කර දොර විවෘත කළ අවස්ථාවේදී මියගොස් සිටි කපිල චන්ද්‍රසේන සොයාගෙන තිබේ.

මරණයේ ස්වභාවය සහ පොලිස් සැකය

දේහය හමුවන අවස්ථාවේදී රෙදි පටියක කොටසක් මියගිය පුද්ගලයාගේ ගෙල වටා තිබී ඇති අතර, එම පටියේ අනෙක් කොටස කාමරයේ දොරේ ගැටගසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිරුරේ හිස කොටස පුටුවක් මත තබා තිබූ කුෂන් එකක් මත රැඳී තිබී ඇත.  සිරුරේ පහළ කොටස බිම ස්පර්ශ වන ආකාරයෙන් තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මරණය ගෙල වැලලාගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළද, කොල්ලුපිටිය පොලිසිය විසින් මෙය “සැකකටයුතු මරණයක්” ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අධිකරණ නියෝග සහ වෛද්‍ය පරීක්ෂණ

සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නියෝග ලබා දුන්නේය. ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරනු ලබන පස් දෙනකුගෙන් යුත් විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයක් මගින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. මේ වන විට දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

විමර්ශන කණ්ඩායම් සහ නීතිමය පසුබිම

මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. කපිල චන්ද්‍රසේනට එරෙහිව පවතින අල්ලස් චෝදනා සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීම සඳහා මැයි 07 වැනිදා සන්ධ්‍යාවේ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ මගපෙන්වීම යටතේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඊට ඔහු සහභාගී නොවී ඔහුගේ සමීපතම ඥාතීන් පිරිසක් සහභාගී වී තිබේ. පොලිසිය දැනට විමර්ශනය කරමින් පවතින්නේ මෙම මරණය සියදිවි නසාගැනීමක්ද නැතිනම් ඊට වෙනත් කිසියම් අපරාධමය සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම… චීවරධාරී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත් අඩංගුවට ගැනීමට නියෝග!

Next Post

කුරුණෑගල මාලිමා මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අල්ලස් දැලට හසුවීමේ කතාව…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.