බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුණෑගල මාලිමා මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අල්ලස් දැලට හසුවීමේ කතාව…

by editor
මැයි 9, 2026
in පුවත්
Ashardeen-Moinudeen
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මාලිමාවට බලය හිමි කුරුණෑගල මහ නගරසභාවේ  නියෝජ්‍ය නගරාධිපති අල්ලස් ගනිද්දී කොටුවුන බව ඊයේ ( 08) ප්‍රධාන මාධ්‍ය මගින් කියැවෙන විට බොහෝ දෙනෙකුගේ කන් උල් වී ගියේය. එසේ වීමට හේතුව ඊට දිනයකට පෙර දයාසිරි ජයසෙකර පාර්ලිමේන්තුවේදීත් මතුකර පෙන්නූ මාලිමා නගරසභා මන්ත්‍රීවරයෙක් කුරුණෑගල නගර සභාවේ දූෂණවලට එරෙහිව ඉල්ලා අස්වීමේ කතාවත් සිහි වීම හේතුවෙන්ය. දයාසිරි කිව්වේ මාලිමාවේ පහල ස්ථරය ආණ්ඩුවේ දූෂණයට එරෙහිව ගැලවී යමින් ඇති බවය.

කුරුණෑගල මාලිමාවට බලය හිමි මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අල්ලස් ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කොටුවීම රටේ වැදගත් ප්‍රවෘත්තියක් වූයේ ඒ නිසාය.

කවුද මේ මාලිමා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති

කුරුණෑගල මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කරන්නේ  එම්. අෂාර්ඩීන් මොයිනුඩීන්ය. මොයිනුඩීන්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහු ප්‍රථම වරට කුරුණෑගල මහා නගර සභාවට තේරී පත් වූයේ 2025 මැයි 06 වන දින පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදීය. එම මැතිවරණයේදී ඔහුගේ පක්ෂය නගර සභාවේ පවතින මුළු ආසන 22න් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ එක් ආසනයක් පමණි.

ආසන 22කින් යුත් කුරුණෑගල මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය (NPP) ආසන 10ක් ජයග්‍රහණය කර තිබූ අතර, සභාවේ පාලනය නතු කර ගැනීමට ඔවුන්ට තවත් සහායක් අවශ්‍ය විය. එහිදී මොයිනුඩීන් සහ ඔහුගේ මක්කල් කොංග්‍රස් පක්ෂය ලබා දුන් තීරණාත්මක සහාය මත, ජාතික ජන බලවේගයේ ආනන්ද සහබන්දු නගරාධිපතිවරයා ලෙසත්, අෂාර්ඩීන් මොයිනුඩීන් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙසත් 2025 මැයි 06 දින පත් කරන ලදී. සරලවම කිවහොත්, පාලක සන්ධානයට නගර සභාවේ බලය ලබා ගැනීමට ඔහුගේ එම තනි ඡන්දය ප්‍රධාන සාධකය විය.

2025 මැතිවරණයට පෙර මොයිනුඩීන් ජාතික මට්ටමේ ප්‍රසිද්ධ චරිතයක් නොවීය., මක්කල් කොංග්‍රසය හරහා දේශපාලනයට පිවිසි ඔහු  කුරුණෑගල මහ  නගර සභාවේ දෙවන ඉහළම ධුරය දක්වා පැමිණ  හරියටම වසරක් ගතවන තැන මේ පුද්ගලයා අල්ලස් ගැනීමේ දි කොටු වූයේය. මෙම අත්අඩංගුවට ගැනීම 2026 මැයි මස 08 වන දින බත්තරමුල්ලේ දී  සිදුවූයේය. ඔහු අල්ලස් කොමිසමට බෙල්ල මුලින්ම හසුවන්නේ  අල්ලස් අල්ලස් මුදල ලබා ගනිද්දීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අල්ලස් චෝදනාවේ පසුබිම

පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 3ක එනම් රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලසක් ලෙස  ඉල්ලා ඇති බවය. කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව සහ එහි පොදු වැසිකිළි නඩත්තු කිරීමේ ටෙන්ඩරය අදාළ ව්‍යාපාරිකයා වෙත ලබා දීම සඳහා ඔහු මෙම මුදල ඉල්ලා තිබේ.

මීට අමතරව, අදාළ ටෙන්ඩරය ලබා දීමෙන් පසු සෑම මසකම රුපියල් 500,000 බැගින් වූ මාසික දීමනාවක්ද ලබා දෙන ලෙස ඔහු කොන්දේසි පනවා ඇති බව වාර්තා විය. කෙසේ වෙතත්, අදාළ මුදල් හුවමාරු වීමට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, ඔහු 2026 මැයි 09 වන දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දහස් සංඛ්‍යාත ජනතාවක් දිනපතා ගැවසෙන පොදු බස් නැවතුම්පොළේ නඩත්තු කටයුතු වැනි සේවාවන් සම්බන්ධයෙන් මෙවැනි දූෂණ චෝදනා එල්ල වීම පොදුවේ ජනතාව අතර දැඩි කතාබහට ලක්ව තිබේ. නැවත වරක් අවධාරණය වන්නේ මාලිමාවට බලය හිමි කරුණෑගල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ගැන මිස රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන පක්ෂයෙන් ආසනයක් දිනා ගත් එකම පුද්ගලයා ගැන නොවේ.  මෙම සිදුවීම හරහා නැවත තහවුර වී ඇත්තේ  බලය පිහිටුවීමට  තිරණාත්මකවන කුඩා පක්ෂ සමග එක්ව   ගොඩනගන දේශපාලන සන්ධාන සන්ධානවලින් ජනතා    අභිලාෂය අවමලමේ යන ආකාරය ය.

මෙපමණ කාලයක් ජාතික දේශපාලනයේ ප්‍රකටවූයේත් මේ හිරිකිත යථාර්ථයම බව ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අනාවරණය වන අලුත්ම තොරතුරු දැනගන්න!

Next Post

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.