සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ADB ණය ආධාර මත පිළිකා ‍රෝගින්ට ලැබෙන විකිරණ යන්ත්‍ර 05ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා නොලැබී යන ලකුණු!

by editor
සැප්තැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ආසියානු සංවර්ධන බැංකුවේ ණය අධාර මගින් පිළිකා ප්‍රතිකාර සදහා අත්‍යාවශ්‍ය යන්ත්‍රයන් වන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර සහ බ්‍රැකිතෙරපි යන්ත්‍ර මිලදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් ප්‍රමාද කිරීම හේතුවෙන් පිළිකා රෝගීන් අසරණ වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මහරගම අපේක්ෂා රෝහලට සහ ගාල්ල ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8 ක මුදලක් වෙන් කර ඇතත් යන්ත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් එම මුදල නොලැබී යාමට ආසන්න බව ආරංචි මාර්ග පවසයි.

මෙම ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මෙම රෝහල්වලට අමතරව තවත් පිළිකා ප්‍රතිකාර ඒකක පහක් සඳහා සී.ටී යන්ත මිලදී ගැනීමටද සියලු කටයුතු ආරම්භ කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම වසරේ දෙසැම්බර් 31 වෙනිදාට පෙර මෙම යන්ත්‍ර මිලදී ගැනීමට අදාල තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කොට ණයවර ලිපි නිකුත් කිරීම සිදුකළ යුතු වුවත් මේ වනතුරුත් එහි තාක්ෂණික ඇගයීම් කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. මේ ආකාරයෙන් ප්‍රමාද වීම නිසා මෙම යන්ත්‍ර මිලදී ගැනීමේ කටයුතු මෙම වසර තුළදී ද සිදුකළ නොහැකි වනු ඇති බව අදාළ ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ වන විට අපේක්‍ෂා රෝහලෙහි විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිළිකා රෝගීන්ට මාස 5ක කාලයක් පොරොත්තු ලේඛනගතව බලා සිටිය යුතු අතර එම රෝහලේ ලීනියර් ඇක්සලරේට යන්ත්‍ර 5 න් මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ යන්ත්‍ර 4ක් පමණි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

එමෙන්ම ගාල්ල ජාතික රෝහලේ දැනට පවතින්නේ එක් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක් පමණක් වන අතර එම රෝහලෙහි පොරොත්තු ලේඛනය මේ වනවිට මාස 4 කට වඩා දිගු වී ඇත.

නව රජය පත්වීමෙන් අනතුරුව රෝහල්වල පහසුකම් දියුණු කිරීම සහ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා උපරිම උත්සාහයක් දරන මෙවැනි මොහොතක සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ හැසිරීම හේතුවෙන් රජය ගෙනයන වැඩ පිළිවෙළ අසාර්ථක වීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා සතු වගකීමක් බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි බල පනත සංශෝධනය කළේ සේවකයින් ගැන හිතලා… විදුලි බල ඇමති කියයි!

Next Post

තමන්ට හිමි බව කියන සිනමන් ලයිෆ් නිවාසයක් ගැන අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්ති පලකළ සියලු දෙනාට නඩු දානවා… වටගල කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.