ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වූයේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී මෙම යෝජනාව සම්මත වූයේ පක්ෂව ඡන්ද 20ක්, විපක්ෂව ඡන්ද 07ක් සහිතවය. 20 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
එක්සත් රාජධානියේ ජිනීවා හි නිත්‍ය නියෝජිත, තානාපති සයිමන් මැන්ලි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය.
කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ තවත් රටවල් 30 කින් සමන්විත ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම විසින් මෙම යෝජනාව ගෙන එන ලදී.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද නව යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි මීට පෙර තරයේ ප්‍රතික්ෂේප කළේය.
නව යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ මෙම කෙටුම්පත ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කර ඇති බවයි.
විදේශ අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් කියා සිටියේ මෙම නව යෝජනාව රටට කිසිදු ප්‍රයෝජනයක් නොවන බවය.
මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නව යෝජනා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන ලෙස චීනය ද සෙසු ජාතීන්ගෙන් ඉල්ලා සිටියා.
පකිස්තානය ද යෝජනාවට ඡන්දයක් ඉල්ලා සිටි අතර, එය කවුන්සිලයේ විෂය පථයට පරිබාහිර වන අතර එල්ටීටීඊය විසින් සිදු කරන ලද සාහසික ක්‍රියා සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොවන බැවින් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටින බව ජපානය ප්‍රකාශ කළේය.








