දේශීය සනීපාරක්ෂක තුවා නිශ්පාදනය සඳහා ආනයනික අමුද්‍රව්‍යවල සියලු බදු ඉවත් කළ බව ජානධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව දේශීය නිශ්පාදනය කරන සනීපාරක්ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක් සඳහා රුපියල් 50 සිට 60 දක්වා මිල අඩුවීමක් සිදුවී උපරිම සිල්ලර මිල රුපියල් 270ක් වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මෙම නිශ්පාදනයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පහක් මත පනවා තිබූ සියලු බදු ඉවත් කිරීමටත් ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන ලබා දීමටත් රජය තීරණය කර ඇති බවත් එම බදු සහනය හැකි ඉක්මනින් ජනතාවට ලබා දීමට කටයුතු කරනු ඇති බවත් රජය කියයි.
ඊට සාපේක්ෂව ආනයනික නිශ්පාදනවල මිල සියයට 19ක් දක්වා අඩුවනු ඇති බවද එහි සඳහන් වේ
එම නිවේදනය පහත දැක්වේ.








