බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අට දෙනක් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්මත ඔවුන් මුදා හැර තිබිණි.
ගෝල් ෆේස් සාමකාමී අරගලකරුවන්ට පහර දුන් දිනට පසුදා, එනම් ජූලි 10 වැනිදා ඔහුට මෙම ප්‍රහාරය එල්ල විය.
අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුව විවෘතවන බේරේවැව වෑකන්ද මතින් දිවෙන පෙරහර මාවත ඔස්සේ සිවිල් ඇඳුමින් සැරසී පැමිණි ඔහුව හඳුනා ගත් පිරිස් මෙම පහර දීම සිදුකළේය.
ගෝල්ෆේස් සාමකාමී අරගලය ලේ වැකි බිහිසුණු විනාශයක් බවට පත් කීරීමේ මූලික වගකීම සම්බන්ධව දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වූයේය.
අරගලයේ නියුතු තරුණයින් විනාශයක් සඳහා අරලියගහ මන්දිරයේ සිට එන පිරිස් වළක්වා දෙන ලෙස ඉල්ලීම් කරද්දී, පොලිස්පතිවරයා සිද්ධිය පාලනය කරන ලෙස උපදෙස් දී තිබෙද්දී එම ප්‍රහාරයට ඉඩසැලසීම සම්බන්ධව ඔහුට අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු විය.
ඇප මත නිදහස් වූ සැකකරුවෝ තමන් දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමේ වරද පිළිගත්හ.
මේ කතාවත් කියවන්න….







