අද දිනය පුරාම අඛණ්ඩව රැකගෙන පැමිණි සම්මුතිය කඩ කරමින් අරගලයේ හරය විනාශ කළ මැරයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 මල් පාරේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තබා තිබේ.
මේ වනවිට මෙම සිද්ධිය අන්තර්ජාතික වශයෙන් දැඩි අවධානයට ලක් වී තිබේ.
AFP පුවත් සේවය වාර්තා කරන්නේ ට්විටර් පණිවඩයක් මගින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කළ පසු බවය.
“සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව ඇතුළුව රජය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සර්ව පාක්ෂික රජයක්ට මග සලසන ලෙස අද පක්ෂ නායකයින්ගේ හොඳම නිර්දේශය මම පිළිගනිමි. මේ සඳහා පහසුකම් සැලසීම සඳහා මම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමි,” ලෙස අගමැතිවරයා විසින් තබන ලද ට්විටර් පණිවුඩය AFP පුවත් සේවය උපුටා දක්වා ඇත. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇතුළු සෑම ජාත්‍යාන්තර මාධ්‍යයක්ම මේ සිදුවීම වාර්තා කර ඇත.
මීට පැය දෙකකට පමණ පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවස ආසන්නයට ගොස් එහි මාර්ග බාධක බිඳගෙන ප්‍රවේශවීමට ගත් උත්සාහයක් වළක්වමින් පොලිසිය ඔවුන්ට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළේය. එහිදී මාධ්‍ය වේදීන් තිදෙනෙකුට පොලිසිය අමානුෂික ලෙස පහර දුන්නේය.
ඒ ගැටුම උණුසුම් වී පැවතිනි. පසුව විරෝධතා මැඩගෙන පිරිස අගමැති පුද්ගලික නිවසට ඇතුළු වී එය ගිනි තබා ඇත.









