ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන විස්සයි 20 තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර විස්ස අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 165ක ඉලක්කයක් ලැබී තිබේ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පන්දු රැකීම තේරුවේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් ඉන්ගිස් පන්දු 32ක දී හතරේ පහර පහක් සහිතව වේගවත් ලකුණු 48ක් වාර්තා කළේය. නායක ආරොන් ෆින්ච් පන්දු 20ක දී ලකුණු 25ක් රැස් කළේය.
නුවන් තුෂාර අද සිය මුල්ම ජාත්‍යාන්තර ක්‍රිකට් අත්දැකීම ලැබුවේය. පන්දු යැවීමේ දී පන්දු ඕවර හතරම යැවූ දුෂ්මන්ත චමීර ලකුණු 30කට කඩුලු 2ක්, වනිඳු හසරංග ලකුණු 33ට කඩුළු 2ක්, මහේෂ් තීක්ෂණ ලකුණු 31ට කඩුල්ලක් සහ නුවන් තුෂාර ලකුණු 40ට කඩුල්ලක් බිඳ හෙළුවේය.
මේ වනවිට ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී තිබේ.