දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට හෙට පෙරවරු 8 දක්වා කාලය තුළ අධික වර්ෂාවක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි අපේක්ෂා කරයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යාඥයෝ පැවසූහ.