අශිකා ජයවර්ධන –
මහනුවර ප්‍රධානපෙළේ තරු හෝටලයක්වන ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ මංගල උත්සව 03ක් සඳහා පැමිණි 630කට ආසන්න පිරිසක් රෝගාතුර වී රෝහල්ගතවීම සම්බන්ධ සිද්ධියට අදාලව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් විමර්ශනයක් පවත්වා එම වාර්තාව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත භාර දී තිබේ.
මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් මෙම විශේෂ විමර්ශනය පවත්වා ඇත.
මෙම මංගල උත්සව පැවැත්වීමෙන් අනතුරුව එක් එක් සහ පවුල් ලෙස විවිධ පිරිස් රෝහල්ගතවීම සිදු වුවත් සතියක් ඉක්ම යනතුරුත් ප්‍රශ්නගත සිදුවීමට හෝටලය මුල්කරගෙන සිදුවී ඇති බවට සැක පහළ වී නැති බව වාර්තා වේ.
පසුව සිද්ධි වාර්තා වීම වැඩි වීමත් සමග හෝටලය වෙත පැමිණිලි 47ක් ලැබී තිබේ. ඉන් පුද්ගලයින් 10 දෙනෙක් මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් ඇත.
මෙම පුද්ගලයින් වැඩි පිරිසක් නුවර ප්‍රධානම ව්‍යාපාරික ප්‍රජාව වීමත් ඔවුන් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම හේතුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවීමත් මුල්කරගෙන යම් වන්දි මුදලක් හෝටලයෙන් ලබා ගැනීමට නෛතික ක්‍රියාවලියක් දියත් කිරීම සඳහා සූදානම් වන බව වාර්තා වේ.
මුලින්ම වාර්තා වූයේ මේ සිදුවීමට හෝටලයේ ජලය විෂ වීමක් මුල් වන්නට ඇති බවය. එහෙත් සිදුවීම වාර්තා වී ජල සාම්පල ලබා ගන්නේ මංගල උත්සව පවත්වා සතියකට පසුව වීම නිසා පරීක්ෂා කිරීමට යැවූ ජල සාම්පල සම්බන්ධව යම් ගැටලුවක් පැවතිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.







