බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරට කල් දමන්න රජය තීරණය කරයි…

by editor
ජනවාරි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2026 වර්ෂයේ 6වන ශ්‍රේණියට අදාලව සිදුකිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසර තෙක් කල් දැමීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද කැබිනට් මණ්ඩල තීරණ ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ කුඩා හෝ ජනතා අවිශ්වාසයක් සහිතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට රජයේ බලාපොරොත්තුවක් නොමැති බවය.

එමෙන්ම 1 වසරට අදාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වාරයේ දී ආරම්භ කරන බව ද ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලය නැවත සමාලෝචනය කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ඔහු කැබිනට් මාධ්‍ය හමුවේ දී ඒ් පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය.

“2026 වසරේ දී පළමු ශ්‍රේණියේ සහ 6වන ශ්‍රේණියේ විෂය මාලා සංවර්ධනය කියන කුලුන යටතේ 1 ශ්‍රේණියේ සහ 6වන ශ්‍රේණියේ විෂය මාලා නිර්දේශ වෙනස් කිරීමට කටයුතු ආරම්භ කරනු ලැබුවා.”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“මේ වනවිට 6වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ තිබෙන සමහර දේවල් සම්බන්ධව සහ තවත් කරුණු කීපයක් සම්බන්ධව සමාජයේ යම් ව්‍යාකූලත්වයක් පැන නැගිලා තිබෙන බව අපි දන්නවා. ඒ් ව්‍යාකුලත්වයට විවිධාකාර හේතු බලපාලා තියනවා. සමහර කෙනෙක් මේක දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරලා තියනවා. සමහර කෙනෙක් මේක නඩුවලින් බේරෙන්න කටයුතු කරනවා. සමහර කෙනෙක් තමන්ට අහිමි වුන බලය ලබා ගන්න මාවතක් ලෙසට   භාවිතා කරන්න අර අඳිමින් සිටින බව පේනවා.”

“මේ ආදි කරුණු නිසා සමාජය තුළ මේ විෂය මාලා නිර්දේශයට අදාල යම් ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් තිබෙන බව පේනවා. අපි පැහැදිලිව විශ්වාස කරනවා රජයක් ලෙස අවම අවිශ්වාසයක් හෝ තබාගෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එලෙසටම ඉදිරියට යන්න බෑ කියලා. ඒ් වෙනස්කම් සිදුකළ යුතුයි කියන එක අප පිලිගන්නවා.”

“ඒ් අනුව 6වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන් පැන නැගිලා තිබුන තත්ත්වය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනම පරීක්ෂණයක් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික විමර්ශන වාර්තාවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික විමර්ශන වාර්තාවත් පදනම් කරගෙන ඉදිරි තීන්දු ගන්නවා.”

“ඒ් වගේම පසුගිය දවස්වල ජනාධිපති තුමා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාලව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, අධ්‍යාපනඥයින් ඇතුළු කණ්ඩායම් ගණනාවක් එක්ක සාකච්ඡා කළා.”

“ඒ් සියල්ලගේම ප්‍රතිපලයක් ලෙස කැබිනට් මණඩලය පහත සඳහන් තීන්දුවලට එළඹුනා.

  • දැනට ආරම්භ කර ඇති කුලුණු පහකින් යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්නට.
  • 6වන ශ්‍රේණියේ මොඩියුල් එක විශේෂයෙන් ඉංග්‍රීසි මොඩියුලය යළි සමාලෝචනය සඳහා කාලය ලබා ගන්නට
  • ඒ් අනුව 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණය 2027 වසරේ ආරම්භ කිරීමට

“මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිපාලන ප්‍රතිසංස්කරණ, තක්සේරුව සහ ඇගයීම, මහජන දැනුම්වත් භාවය සහ ප්‍රවර්ධනය කියන කටයුතු එලෙසම ක්‍රියාත්මක කරනවා.”

“ප්‍රශ්නගත 6වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාලව සිදුකරන ලද පරීක්ෂණ අනුව හෙළිදරවු වූ කරුණු පදනම් කරගෙන ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් මීට වගකිව යුතු නිලධාරීන්ට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යතුරුපැදි අවලමා අත් අඩංගුවට… අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි!

Next Post

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංසකරණ අවුරුද්දක් පමා වීම වීරවංශට උපවාසය අත් හරින්න හේතුවක් නෙමෙයි… නලින්ද කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.