හොරණ මිල්ලෙනිය බැල්ලතුඩාව, ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 05 වසර දරුවන් පිරිසකට පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමට මුල් වූ ගුරුවරිය සහ විදුහල්පතිවරිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් ළමා ආරක්ෂණ අධිකාරිය මගින් හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
පසුගිය 02 එල්ල වූ මෙම ප්‍රහාරය ගැන ළමා රක්ෂණ අධිකාරිය සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් මේ වනවිටත් ඔවුන් පාසලට ගොස් ඇති බවත් ඇමතිවරයා කීවේය.
ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබා දුන් උපදෙස් අනුව බස්නාහිර පළාත් අතිරේක අධ්‍යක්ෂවරයෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන අංශ නිලධාරියෙක්, කලාප කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙනම පරීක්ෂණයක් පවත්වාගෙන යන බව අමාත්‍යවරයා පැවසුවේය..
“ දරුවන්ට පාසල තුළ කොහොමද කටයුතු කළ යුත්තේ කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා තියනවා. මේ සිද්ධිය පොලිසිය කැඳවිය යුතු සිද්ධියක් නොවෙයි… එහෙම චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙද්දි තමයි මේක පොලිසියට කියලා තියෙන්නෙ. විමර්ශනයේ දී සියලු කරුණු හෙළි වෙයි. “ ඇමතිවරයා කීවේය.
එමෙන්ම පාසල් 144ක් ආවරණය කරමින් පෝෂණ වැඩසටහනට සමගාව උපදේශනය, මත්ද්‍රව්‍ය වැලැක්වීම, සහ මගපෙන්වීම සම්බන්ධ ගුරුවරුන් මූලිකව දැන්ම්වත් කරන දින 03ක වැඩ මුළුවක් ද සිසු මනස හඳුනාගත යුතු ආකාරය සම්බන්ධව විදුහල්පතිවරු විෂයෙහි දැනුම දෙන වැඩමුළුවක් ද කොළඹ පාසල් වලින් ආරම්භ කළ බවත් ඉදිරියේ දී රටම ආවරණය වන ආකාරයට එම වැඩසටහන ව්‍යාප්ත කරන බවත් ඇමතිවරයා කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මින් පෙර කීවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ මෙම ප්‍රහාරය එල්ල කළ බව කියන පොලිස් නිලධාරීන් සම්බන්ධව වෙනම විමර්ශනයක් පවත්වන බවය.







