ශ්‍රියානි විජේසිංහ –
වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා කටයුතු කලද සැලසුම්කර පරිදි දිවයිනපුරා තැපැල් කාර්යාල ඊයේ (12) මධ්‍යම රාත්‍රී 12.00 සිට අද (13) දහවල් 12.00 දක්වා කාලය තුල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ කිසිදු වෙනසක් සිදු නොකර ක්‍රියාත්මක කළ බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින 7000ට අධික පුරප්පාඩු වහාම පුරවන්නැයිද තවත් වෘත්තිය ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය පැවැත්වූ බව හෙතෙම පැවසුවේය.
අද දහවල් 12.00 විරෝධතාවක් පවත්වා ජනාධිපතිවරයාට සංදේශයක් බාර දීමටද කටයුතු කළ බවද සභාපතිවරයා පැවසුවේය.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ලබන 24 වෙනිදා වන විට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් 24 වෙනිදායින් පසුව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වන බවද වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කළේය.









