ලලිත් චාමින්ද –
මෙම වර්ෂයේ (2025) මාර්තු මාසය වනවිට රජය ගෙවිමට ඇති දේශිය හා විදේශිය ණය ප්‍රමාණය රුපියල් බිලියන විසි නව දහස්, දෙසිය පනස් තුනයි දශම එකයි හතක් බැව් ( බිලියන 29,253.17) රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පවසයි.
ගෙවීමට ඇති දේශිය ණය ප්‍රමාණය රුපියල් බිලයන දහ අට දහස්, පන්සිය තිස් එකයි දශම පහයි අටකි. (18,531.58) මින් භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත් ණය සඳහා ගෙවිමට ඇති මුදල රුපියල් බිලියන හාර දහස් අනූ හයයි දශම හතරයි එකකි (4,096.41) කි. භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාගත් ණය සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන දාහතර දහස් පන්සිය අටයි දශම තුනයි තුන ( 14,508.33) කි.
ගෙවිමට ඇති සමස්ත විදේශිය ණය ප්‍රමාණය රුපියල් බිලයන දසදහස්, හත්සිය විසි එකයි දශම පහයි නමය ( 10,721.59) කි.







