ලලිත් චාමින්ද –
දකුණු පළාත් සභාව මගින් පාලනය වන රාජ්‍ය ආයතනවල 2024 වාර්ෂික ස්ථානමාරු තාවකාලිකව අත්හිටුවිමට පියවරගෙන ඇති බැව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ පවසයි.
පවත්නා ආර්ථික දුෂ්කරතා හා දිගින් දිගටම ලැබෙන අභියාචනා සැලකිල්ලට ගෙන මෙම තිරණය ගත්බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
කෙසේවුවද එකඟතාවය මත ස්ථාන දෙකක් අතර සිදුවන ස්ථානමාරුව්මි, ඇබෑර්තුවක් පවතින ස්ථානයකට ස්වකැමැත්තෙන් යාමට කැමති නිලධාරින්ට ස්ථාන මාරුව්මි සදහා අවස්ථා සලසාදිය හැකි බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වාදෙයි.