පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවේචනාත්මක අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වෙත ලිපියක් යවා ඇති බව ලංකාසරට වාර්තා වේ.
පසුගියදා පැවති මෙම කණ්ඩායම් රැස්වීමේදී දොලවත්ත මන්ත්‍රීවරයා විසි වැනි සංශෝධනයේ ඒකීයභාවය සුරැකීම බවට වූ වගන්තිය නොමැති වීම සහ ව්‍යවස්ථා සංශෝධනයේ තවත් දෝෂ සහිත තැන් පිළිබඳ විවේචනාත්මක ලෙස අදහස් දක්වා ඇත.
ඒ අනුව ඔහු ගෙන් මෙම නිදහසට කරුණු විමසීම සිදු කර ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව විමසීමට ලංකාසර පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් විමසා සිටිය ද අවස්ථා දෙකකදීම තමන් කාර්යබහුල බැවින් පසුව පිළිතුරු දෙන බව ඔහු ප්‍රකාශ කළේය.