බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පැය 07ක සැත්කමකින් පසු පණ ලැබූ පොඩි එකාගේ අත

by editor
සැප්තැම්බර් 11, 2020
in ජීවිතය, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සටහන – ශ්‍රියානි විජේසිංහ –

කොළඹ ජාතික රෝහල වෙත පසුගිය 6 වෙනිදා සවස 6.00ට පමණ  පැමිණි රථයකි. කුඩා දරුවෙකු හා  ඔහුගේ මවගේ දැඩි විලාපය   රෝහලේ දැඩි සත්කා අංශය   දෝංකාර දුන්නේය. කුඩා දරුවෙකු හදිසි අනතුරකට පත්ව ඇති බැවින් එම දරුවා ගිලන් රථයකින් ළමා රෝහල වෙත පිටත් කර හැරීමට ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය පියවර ගත්හ. ගිලන් රථය ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් පිටත් ව ගියේ නිකම්ම නොවේ. ඒ ගිනිනිවන හමුදාවේ භයන් රැගත් රථයක්ද පෙරටු කොට ගනිමිනි.

ගිලන්රථය සහ ගිනිනිවීමේ රථය රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන විට සවස 6.45 පමණ වී තිබුණි. රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් යුහුසුළුව ගිලන්රථයේ සිටි දරුවා පිටතට රැගෙන පරික්ෂා කරන විට දරුවාගේ දකුණු අත පරිප්පු අඹරන මැෂිමක් තුළ සිරවී කුඩුපට්ටම් වී තිබෙනුදක්නට ලැබුණි.

වයස අවුරුදු 4ක් පමණ වයසැති මේ දරුවා දර්ශනය . ඔහුගේ අතට සිදු වූ දෙය ඔහුගේ පියා සඳහන් කළේ ඇඩූ කදුළිනි.

දරවාගේ අත යන්ත්‍රයට සිර වී තිබුණු අයුරු

“අපි ගෙදර වඩේ හදනවා. පරිප්පු අඹරන්නේ මැෂිමෙන් . මගේ නෝනා ගෙදර නැති වෙලාවේ මේ දරුවා පරිප්පු අරගෙන මැෂින් එක ඇතුළට දාලා. එතකොට අතත් එක්කම ඇඹරිලා ”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යන්ත්‍රය ඉවත් කිරීමට පෙර

පෙඩි එකාගේ අත මැණික් කටුව ලගින් තුන් පලකින් කැඩී කුඩුපට්ටම් වී ඇඹරී තිබුණේය. අතට ප්‍රතිකාර කිරීමට නම් යකඩය (මැෂිම) ඉවත් කළ යුතුය. ඒත් ශල්‍යාගාරය තුළ මිනිස් අවයව විච්ඡේදනය කිරීමට මෙවලම් තිබුණද යකඩ කැපීමට උපකරණ නැත. ඒ වන විට වෛද්‍යවරුන් කණ්ඩායම කල්පනා කළේ කුමක් කරන්නද යන්නය.

කණ්ඩායමේ පූහුණු විශේෂඥ වෛද්‍ය රන්දීල් ද අල්විස් ට කල්පනාවට පැමිණියේ රෝහල් පරිශ්‍රයේ නාවික හමුදා නිලධාරින් විසින් ඉදිකරන ගොඩනැගිල්ලය. ඔහු වහාම එතැනට ගියේය. නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකුට මේ බව පවසා යකඩ කපන කියතත් රැගෙන වහාම ශල්‍යාගරය වෙත ඒන ලෙස දැන්වීය. එසේ පැවසී වෛද්‍ය රන්දීල් නැවත ශල්‍යාකාරය වෙත ගියේය‍. නාවික නිලධාරීන් දෙදෙනො තවත් නිලධාරීන් තුන්දෙනෙකුද සමග ශල්‍යාගාරය වෙත පැමිණියේය.

වෛද්‍ය රන්දීල් ශල්‍යාගාරය වෙත පැමිණි නිමේෂයකින් නාවික හමුදා නිලධාරීන් පස්දෙනෙකුම පැමිණියද ශල්‍යාගාරය වෙත ඇතුළු වීමට අවසර ලබුණේ නිලධාරීන් දෙදෙනෙකුට පමණි. අනිත් නිලධාරීන් තුන්දෙනා ශල්‍යාගාරයේ පිටත රඳී සිට අවශ්‍ය මෙවලම් සැපීය.

ශල්‍යවෛද්‍යවරුන් කණ්ඩායම මුලින් කළේ නිර්වින්දන වෛද්‍යවරුන් ලවා දරුවාව නිර්වින්දනය කිරීමය. අනතුරුව ජීවානුහරණය කළ තුවායක් දරුවාගේ අත යටින් තබා  විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත නාවික හමුදා නිලධාරීන් දෙදෙනා යකඩ කපන කියතින් මැෂිම කොටස් වශයෙන් කපා ඉවත් කළේය.    මැෂිම කපා ඉවත්කර ගැනීමට පැය දෙකක් වැනි කාලයක් ගතවිය.

නාවිකහමුදා නිලධාරීන්ගේ කර්ත්‍යවය එතකින් අවසන් විය. අනතුරුව පැවතියේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ කාර්යය. පොඩි එකාගේ කැඩී කුඩුපට්ටම් වී තිබූ දකුණු අත නැවත යථා තත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කළේය. පොඩිවී තැලී තුවාල වී තිබු අතේ මස් අතර පරිප්පු ඇට හා මැෂිමේ ලිිහිසි තෙල් ඉවත් කිරිම මුලින්ම සිදුවිය. අනතුරුව විෂබීජ නාශක ඖෂධ යොදා තුවාලය පිරිසිදු කර තැලී තිබු රුධිරවාහිනී යථා තත්වයට පත් කර රුධිරය ගමන් කල හැකි සේ සකස් කළේය.
බිදී තිබූ අස්ථි කම්බි යොදා සවි ශක්තිමත් ලෙස සැකසුවේය. ඒ වන විට දරුවාගේ දබ ඇඟිල්ලට රුධිරය ගමන් නොකර සෑහෙන වේලාවක් ගතව තිබූ බැවින් එම ඇගිල්ල කපා ඉවත් කළ යුතු බව වෛද්‍ය කණ්ඩායම මුලින් තීරණය කළද පසුව වෛද්‍ය  කණ්ඩායමේ  දැඩි කැපවීම මත රුධිරය ගමන් නොකළ ඇගිල්ල වෙත රුධිරය ගමන් කිරිමේ මාර්ගය පාදා ගැනුණි. ඒ ඇගිල්ලද යථා තත්වයට පත්කිරීමට හැකිවූයෙන් ඇගිල්ල කැපීමට මුලින් ගෙන තිබූ අදහස ඔවුහු අත්හළහ.

රාත්‍රී 7.00 ට පමණ ආරම්භ කළ සැත්කම අවසන්වන විට පාන්දර 3.00 පසුවී තිබුණි. සැත්කම සාර්ථකය. දරුවාගේ අත මේ වන විට යථා තත්වයට පත්වෙමින් තිබේ.

අත සුවපත් වෙමින්….

අප මෙහිදී පුහුණු විශේෂඥ වෛද්‍ය රන්දීල් ගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ සැත්කම සාර්ථක වූ පසුව තුවාලය සුව වෙන තෙක් දරුවාව හොඳින් රැකබලා ගත යුතු බවය. තුවාලයට විෂබීජ ඇතුලු වීමට ඉඩ ලබා නොදී හොඳින් ආරක්ෂා කළ පසුව භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් අත යළිත් ක්‍රියා කළ හැකි තත්ත්වයට පත් කළ හැකි බවය.

මෙම සැත්කම සාර්ථක  කර ගැනීමට සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ විශේෂඥ වෛද්‍ය රෝමේෂ් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය අරුන්ජිත් අමරසිංහ සහ පුහුණු විශේෂඥවරුන් වන රන්දිල් ද අල්විස්, ජගත් ගමගේ සහ හසාති විජේසුරේන්ද්‍ර ඇතුළු කණ්ඩායම හා ඉන්ද්‍රාණි, බෙගොනී, නාලනී, සහ දර්ශි යන නිර්වින්දන වෛද්‍ය කණ්ඩායමත් රෝහලේ හෙද හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින්ද කැපවූ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය සඳහන් කළේය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කංජිපානි සහ වෙලේසුදා උපවාසය අත්හරී… දුරකථන පහසුකම් එපා වෙයි.

Next Post

20 ගැන කතා කළාට පොහොට්ටු මන්ත්‍රී දොලවත්තට නිදහසට කරුණු කියන්න වෙයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.